Monday, November 7, 2016

ගවයින් ප්‍රවාහනය කළ ලොරියක් හසලක උඩුදහදී වෙඩි තබා අල්ලයි

9:36 07/11/2016
ලොරි රථය තුළ ගවයින් 15ක් පමණ දෙපා ගැට ගසා එක මත එක අමානුෂික ලෙස පටවා මහනුවර විශේෂ පොලිස් ඒකකයේ අණ නොතකා ධාවනය කළ ලොරි රථය නවතා ගැනීම සඳහා විශේෂ පොලිස් ඒකකයේ නිළධාරින් විසින් වෙඩි ප්‍රහාර ද එල්ල කර ඇත.

මෙම ගවයින් මහියංගණය - පඟරගම්මන සහ බිබිල - මැදගම ප්‍රදේශයන්හි සිට ගෙනැවිත් ඇති අතර වැටලීම සිදු කොට ඇත්තේ මහනුවර විශේෂ පොලිස් ඒකකයක් මගිනි.

මහියංගණ සහ හසලක පොලිස් බල ප්‍රදේශ හරහා ප්‍රවාහනය සිදු කරනු ලබන මෙම අමානුෂික ගව ජාවාරම බොහෝ කලක සිට සිදුවන්නක් බවට ප්‍රදේශවාසීන් චෝදනා නගන අතර දිගන, මැණික්හින්න සහ මඩවල ආදී ප්‍රදේශයන් වෙත මෙම ගවයින් ප්‍රවාහනය සිදුකර ඇති බව වාර්තා වේ.

මෙම දිගුකාලීන ජාවාරම හසලක පොලීසිය දැනුවත්ව සිදුවන්නක් බවටත්, එම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් අල්ලස් ලබාගෙන මෙම ජාවාරම සිදු කිරීමට ඉඩ දී ඇති බවටත් ප්‍රදේශවාසීන් චෝදනා නගති.







No comments:

Post a Comment