Friday, November 4, 2016

නැවත් මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි පැටවු ට්‍රැක්ටර් පොලිස් අත් අඩංගුවට

 2016-11-04 පෙ.ව. 11:51

රජයේ ලංකා පිගන් සංස්ථාවට අයත් මහියංගන ගඩොල් - උලු කම්හලට අයත් ඉඩමේ මහවැලි ගං තොටුපලෙහි නිති විරෝධි ආකාරයෙන් බලත්‍ර කොන්දේසී උල්ලන්ගනය කරමින් මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි පැටවු ට්‍රැක්ටර් දෙකක් අද (04) මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.
එම තොටුපලේ ට්‍රැක්ටර් ගග මැදට දමා රාත්‍රි කාලයේද හොරොන් වැලි පැටවීම ජයටම සිදු කරන බවට ඒ අවට ගම්වාසීන් චෝදනා කරති. මෙම තොටුපල සම්බන්දෙයෙන් නිරත්තර පැමිණිලි පොලිසිය වෙත ලැබෙන බවත් ඒ අනුව මීට පෙර අවස්ථා රැසකදී පොලිසිය විසින් නිති විරෝධි ආකාරයෙන් බලපත්‍ර කොන්දේසී උල්ලන්ගනය කර මහවැලි ගග මැදට ට්‍රැක්ටර් දමා වැලි ජාවාරම් සිදුකල එම තොටුපලෙහි හිමිකරුවන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පමුනුවා දඩුවන් නියම කල බවට පොලිසිය පවසති.

නැවතත් අත් අඩංගුවට ගත් වැලි ට්‍රැක්යර් දෙක හා සැකකරුවන් දෙදෙනෙකු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා හා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගේ උපදෙස් මත වැඩ බලන පොලිස්ථානාධිපති පො.ප. වීරකෝන් මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බී ජි ජි සුදේශ් චතුරංග මහතාගේ ප්‍රධානත්වයෙන්, පො.කො. 37419 අත්තනායක,10097 වැවේගෙදර, 34166 දර්මදාස, 28534 දිසානායක, 38588 සම්පති, 44850 බංඩාර යන නිළධාරින්ගේ යහයෙන් මෙම වැටලීම සිදු කෙරිනි.

No comments:

Post a Comment