Monday, November 7, 2016

බන්ධනාගාරයෙන් ආදිවාසී සිරකරුවෙකුට නව නිවසක්

07/11/2016 19:42:16
“සිරකරුවොත් මනුශ්‍ය යෝය“ යන තේමාව යටතේ සිරභාරයට පත්ව වසර 14ක් සිරදඩුවම් නියම වු ආදිවාසී සිරකරුවෙකු හට බෝගම්බර බන්ධනාගාර හා සිරකරු සුභසාධක සංගමයේ මහනුවර උප කමිටුව මගින් ලක්ෂ 11ක වියදමින් යුතු නිවසක් සෑදීම සදහා අද (07) දින උදැසන දඹාන, වතුයාය ගම්මානයේදී සිරකරු පදිංචිව සිටි භුමයේ දී මුල්ල තැබිනි.
බෝගම්බර බන්දනාගාරයේ ජේෂ්ඨ බන්ධනාගාර අධිකාරි සෙනරත් දිසානායක, සහකාර බන්ධනාගාර අධිකාරි වී එම් පී රණවක, සිරකරු සුභසාදක සමිතියේ මහනුවර උප කමිටුවේ සභාපති දේශමාන්‍ය සරත් මුණවීර , බෝගම්බර බන්ධනාගාරයේ ජේෂ්ඨ පුනරුත්තාපන නිළධාරි පියසිරි වට ගොඩ මහතා ඇතුලු ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් මෙම නිවස තැනීම සදහා මුල්ගල ආදිවාසී චාරිත්‍රානුකූලව තැබිනි.‍
උනාපාන වරිගයේ විජේරත්න නැමැති වයස 64ක් වන ආදිවාසියෙකු හටයි මෙම නව නිවස ඉදිවන්නේ. ඔහු සිදු කල වරදක් හේතුවෙන් 2014 සිරගත වු අතර නිදහස් වීමට ඇත්තේ 2024 වර්ශයේදී වේ. ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි. ඉතා කුඩා කටුමැටි පැල්පතක ජීවත්ව සිටි මෙම පවුල වෙනුවෙන් බන්ධනාගාර සුභසාදකය සමිතියේ මහනුවර උප කමිටුව මගින් මෙම නිවස සාදාදීමට කටයුතු සුදාම් කෙරුනේ ඔහුන්ගේ ඇති අඩු ආදායම් ලාභි දරිද්‍රතාවයෙන් ඉහවහාගිය පවුලක් වීම හේතුවෙනි.
මෙම නිවස මාස 03ක් වැනි කෙටි කාලයකින් නිමකිරිමට බලාපොරොත්තු වන බව බන්ධනාගාර නිළධාරින් පවසති.මෙම අවස්ථාව සදහා ආදිවාසී ගම්වාසීන් හා බන්ධනාගාර නිළධාරින් විශාල පිරිසක් සහබාගී වි සිටියේය.






No comments:

Post a Comment