Saturday, November 5, 2016

රෝහලේ ප්‍රවෘත්තියට විදුලිබල නියෝජ්‍ය ඇමතිගෙන් පැය 24 ක් යෑමට ප්‍රථම සාර්ථක විසදුම්

 23:09 04/11/2016
මහියංගන රෝහලේ වකුගඩු ඒකකයේ සිදුවන නිරන්තර විදුලි විසන්දි වීමෙන් රෝගින් හා රෝහල් කාර්යය මණ්ඩල සිදු වු පීඩාව හා යන්ත්‍ර සුත්‍රවලය සිදුවන හානිය පිළිබද අද (04) දිනයේ පුවත්පත් වාර්ථාවට විදුලි බල නියෝජ්‍ය ඇමති අජිත් පී පෙරේරා අමාත්‍ය වරයාගේ විශේෂ අවධානය යොමු වු අතර
විදුලි - ඌව පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි වරයා හට දුරකථනයෙන් කථාකර ඒ සම්බන්දයෙන් පැය 24ක් යෑමට ප්‍රථම විසදුමක් ලබාදෙන ලෙස දැන්වීම හේතුවෙන්, විදුලි කාර්මික ශිල්පීන් පිරිසක් පැමිණ එම ගැටලුවට විසදුම් ලබාදීමට හැකිවීමත් සමග අද සවස් වන විට රෝහලේ වකුගඩු රෝගි වාට්ටුවේ කටයුතු යතා තත්වයට පත්විය.
ඒ හේතුවෙන් රුධිර කාන්දු පෙරනය සදහා පැමිණ සිටි රෝගින් රැසකට සහනයක් ලැබු බව රෝහල් බළධාරීන් පැවසු අතර, මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ඒ එම් එස් බණ්ඩාර මහතා “ අපි විශාල ගැටලුවකට මුහුණ දිලා හිටියේ වකුගඩු රෝගින්ගේ වාට්ටුවේ රුධිර පෙරණ යන්ත්‍ර ක්‍රියාත්මක කර ගැනීමට නොහැකිව. පුවත්පත් වාර්ථා ඵලවීමත් එක්කම විදුලි බල නියෝජ්‍ය අමාත්‍ය අජිත් පි පෙරේරා මහත්තය සෘජුවම මැදිහත්ව විදුලි බලමණ්ඩලයේ ප්‍රධානින්ට කථා කරලා ගැටලුවට කඩිනමින් විසදුම් ලබාදෙන්න කියලා කියලා තියෙනවා.
මට අද උදේම බදුල්ලේ ඒ මහත්තයත් කථාකරලා මට ඒ ගැන කිව්වා. ගැටලුව ගැන මගෙන් විමසුවා. විදුලි බල නියෝජ්‍ය ඇමතිතුමාගේම මැදිහත් වීමෙන් හා මාධ්‍ය වාර්ථා හේතුවෙන් අපේ ගැටලුව කඩිනමින් විසදුනා. අපේ සේවය උපරිමයෙන් ජනතාවට ලබාදෙන්න බලා ඉන්න මෙහොතක ඒ සදහා තියෙන බාදක ජයගන්නට රටේ අමාත්‍යවරු මෙලෙස ක්‍රියාක්‍රිරිම ප්‍රසන්සනීයයි. අපි එතුමන්ට විශේෂ ස්තූතිය ප්‍රකාශ කරනවා. මේ වෙනුවෙන් මාධ්‍ය දැක්වු සහයටත් අපි ස්තූති කරනවා“ යැයි පැවසීය.





No comments:

Post a Comment