Monday, November 14, 2016

පවුල් ආරව්ලෙන් මවක් හා දෙමස් ගැබිණියක් ඝාතනය කෙරේ.


2016-11-14 ප.ව. 3:42
විල්ගමුව යාය 11, බත්ගම්පල ප්‍රදේශයේ ඊයේ (14) සවස තියුණු ආයුදයකින් පහරදී මවක හා දියණියක ඝාතනය කර සැමියාටද තුවාල සිදුකිරිමේ සිද්ධියක් සම්බන්දයෙන් 25 වියැති විල්ගමුව , හදුන්ගමුව ප්‍ර දේශයේ පදිංචි සැකකරුවෙකු පොලිස් අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද නාවුල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ. නාවුල වැඩ බලන මහේත්‍රාත් ශාමලී විජේනායක මහත්මිය විසින් සිද්ධිය වු ස්ථානයේ මහේත්‍රාත් පරික්ෂණය අද දහවල් සිදු කරන ලදී.

මෙසේ ඝාතනයට ලක්වු මව යු ජි ප්‍රේමාවති නම් වයස 41ක් වන අතර දියණිය බී ජී ප්‍රේමලතා පුෂ්පාන්ජලී නම් වයස 22කි. දියණිය දෙමස් ගැබිණියකි. මියගිය දියණිගේ දෑත් තියුණු ආයුධයකින් වෙන්වන සේ කපා දමා තිබු අතර මහියංගන මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද උදැසන මියගියේය. වෙනු වු දැත් පොහොර මල්ලක දමා රෝහල වෙත ගෙනවිත් තිබුනි.

මියගිය දියණිය මිට මාස 9කට ඉහතදී හමුදා සෙබලෙකු කසාද බැද ඇති අතර ඔහු මාස 06ක් නිවසට නොපැමිණිම හේතුවෙන් සිවිල් ආරක්ෂක බලකායේ අයෙකු සමග මියගිය දියණිය විවාහ වී ඇත. එසේ විවාහ වීමට ඇයගේ නමද වෙනස් කරගත් බව ගම්වාසීන් පවසති. පසුගියදා හමුදා සෙබලා නිවසට පැමිණි මොහොතේ ඇය වෙනතු අයෙකු සමග දීග කමින් සිටිනු දැක ඇති අතර ඒ වන විටත් ඇය දෙමස් ගැබිනියක්ද විය. දරුවා සමග ඇය බාරගැනීමට එහිදි හමුදා සෙබලා කැමති වී ඇති අතර ඉන්පසු ඇය සිවිල් ආරක්ෂකයා හට නිවසට නොපැමිනෙන ලෙස දන්වා ඇත. මියගිය දියණියගේ මවද හමුදාවේ බෑනාහට අකැමැත්තක් තිබී නැත. නිවසට නොපැමිනෙන ලෙස දැන්වීමෙන් පසු මෙම ආරච්ල ඇති වී ඇත. සිවිල් ආරක්ෂකයා හමුදාභටයා හට ප්‍රථමයෙන් තියුණු ආයුයෙන් කොටා ඇති අතර දෙවනුව දියනියටද තියුණු ආයුධයෙන් කොටා එය බේරිමට පැමිණි දියණියගේ මවට කොට ඇත. මව විල්ගමුව රෝහල් ගත කිරිමෙන් අනතුරුවද, දියණිය මහියංගන රෝහලට ඇතුලත් කිරිමෙන් පසු දැඩි සත්කාර ඒකකයේදී අද (14) උදැසන මියගොස් ඇත.

මෙම ඝාතනය සිදු කර ඇත්තේ මියගිය දියනියගේ අනියම් සැමියා වන බව පොලිසිය සදහන් කල අතර ඔහු 25 වියැති විල්ගමුව , හදුන්ගමුව ප්‍ර දේශයේ පදිංචි සිවිල් ආරක්ෂක දෙපාර්ථමේන්තුවේ ලග්ගල පල්ලේ ගම මහවැලි කලාපයට අනුයුක්තව සේවය කල කැලුම් දේශප්‍රිය දිසානායක නැමැති සැකකරුවෙකි.
මෙම ඝාතනය සම්බන්දයෙන් විල්ගමුව පොලිස්ථානාධිපති පාලිත ඉලංගසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පොලිස් නිළධාරින් විසින් පරික්ෂණ සිදු කරති.

No comments:

Post a Comment