Monday, November 14, 2016

රතිකිද වැව් බන්ට් එකේදී පුද්ගලයෙකු හප්පා මෝටර් රථයක් පලා ගිහින් - අනතුරින් පුද්ගයා මියගිහින්

2016-11-14 ප.ව. 1:29
ගිරාදුරුකෝට්ටේ බැරියල් හන්දියේ සිට රත්කිද දෙසට ගමන්ගත් මෝටර්රථයක් ඊයේ (13) රාත්‍රි 12.30ට පමණ උල්හිටිය මාලු තොටුපල ඉදිරිපිටදී මාර්ගයේ ගමන්ගත් පුද්ගලයෙකු හප්පා ඵලාගොස් ඇති අතර අනතුරින් තුවාල ලැබු පුද්ගලයා මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ ගිරාදුරුකෝට්ටේ, පහලරත්කිද, අංක 142/2 යන නිවසේ පදිංචිව සිටි කම්පැල්ලේ කන්කානම්ලාගේ චමින්ද යව වයස 34ක පුද්ගලයෙකි.
රිය අනතුර සිදු කරනු ලැබු මෝටර්රථය ප්‍ර දේශයෙන් පලාගොස් ඇති අතර රථය සොයා පොලිස් පරික්ෂණ සිදු කෙරේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානාධිපති මොහාන් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් ගිරාදුරුකෝට්ටේ පොලිස්ථානයේ රථවාහන නිළධාරින් පරික්ෂණ පවත්වති.

No comments:

Post a Comment