Monday, November 14, 2016

අභිනව පදවිප්‍රාප්ත හසලක මිනිපේ කොට්ඨාශයේ ප්‍රධාන සංඝනායක ස්වාමින් වහන්සේ පාදාභිවන්දනයෙන් පිළිගැනීම

21:15 14/11/2016
මල්වතු විහාර පාර්ශවයේ හසලක මිනිපේ කොට්ඨාශයේ අභිනව ප‍්‍රධාන සංඝ නායක ධුරයෙන් පි`දුම් ලැබු හසලක උඩුදහගම ශ‍්‍රී පුෂ්පාරාමාධිපති ධර්ම කිර්ති ශ‍්‍රී දේවානන්ද පුජ්‍ය ගැරඩිඇල්ලේ චන්ද ජෝතියාභිධාන නාහිමියන් පිළිගැනිම හා අක්තපත‍්‍ර පිරිනැමිමේ උළෙල හා අපවත්වි වදාළ පුෂ්පාරාමාධිපතිව වැඩසිටි උඩදුම්බර ප‍්‍රධාන සංඝ නායක කලගන්වත්තේ දේවානන්ද නා හිමිපාණන්ගේ වර්ෂ පුර්ණ පිං අනුමොදන් කිරිමේ පිංකම ඉකුත් 11 වෙනි දින හසලක ශ‍්‍රී පුෂ්පාරාම විහාරස්ථානයේදි සිදු කෙරිණි.
අභිනව නාහිමියන් වෙත නව පදවියේ අක්තපත‍්‍රය පිරිනැමිම මිනිපේ ප‍්‍රාදේශිය ලේකම් එස්. එම්. සන්ධ්‍ය ගුණරත්න මහත්මිය අතින් සිදුකලේය.
මෙම අවස්ථාවට ප‍්‍රදේශයේ විහාරථාන භික්ෂුන් වහන්සේ සම`ග ගම්වාසිහු විශාල පිරිසක් එක්වුහ.








No comments:

Post a Comment