Wednesday, April 6, 2016

නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්වසීන්ට පීඩා - සති දෙකක් ඇතුලත ගම්මුන්ගේ පීඩාවන්ට විසදුම් දෙන්න අධිකරණයෙන් නියෝග

4/6/2016 8:53 PM
මහියංගන නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජල පිරිපහදු ඒකකය මගින් පරිසරය වෙත මුදා හරින අප ජලය හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බවට ගම්වාසීන් විසින් සිදු කරනු ලැබු පැමිනිල්ලකට අනුව මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් ලබාගත් ජල සාම්පල අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එම ජල සාම්පල අධිකරණය මගින් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්ථාවක් ලබා ගන්නා ලෙසත්, සති 2ක් ඇතුලත අපවහන කාණු පද්දතිය පිරි සිදු කිරිමටත්, පරිසරයට මුදා හැරිමට සුදුසු තත්වයේ ගුණාත්මක ජලය මුදා හැරිම සදහා ඇගලුම් ආයතනයේ යන්ත්‍ර සුත්‍ර පිළිසකර කරගෙන අධිකරණය වෙත දැනුම් දෙන ලෙස 05 දින නියොග කරනු ලැබීය. අනතුරුව අප ජල පිරිපහදු ඒකකයේ ප්‍රධානී රුපියල් ලක්ෂයක ඇප මත මුදා හරිනු ලැබීය. මීලග නඩු වාරය 19 දිනට කැදවනු ලැබේ.
මහියංගන සොරබොර හා වගාව කොටසෙහි ගම්වාසීන් ඇගලුම් කම්හලේ අපවහන කානු පද්දතියේ අපවිත්‍ර ජලය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් ප්‍ර දේශයම මහත් දුර්ඝන්දයෙන් වැසී ගොස් පරිසරය දුෂණය වී ඇති බවට ගම්වාසීන් පසුගිය දා මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත පැමිණිලි කලේය. ඒ අනුව මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් ඇගලුම් කම්හලේ අපවහන ජල පිරිපහදුව පරික්ෂාවට ලක්කල අතර පරිසරය වෙත මුදා හරින අපවහන ජල සාම්පල් ලබාගන්නා ලදී. ඒ සමගම මහවැලි ගග දක්වා මෙම අප වහන ජලය ගෙන යන කානු පද්දතියද පරික්ෂා කිරිමට ලක්කර ලදී.
මහවැලි ගග වෙත මුදාහරින අපවිත්‍ර ජලය හේතුවෙන් මහවැලි ගග පරිහරණය කරන්නන් හට විශාල සෞඛ්‍ය ගැටලු රැසක්ද උද්ගත වී ඇති බවත් වැලි ගොඩ දැමීමෙන් ජිවිකාව ගෙන යන ගම්වාසීන් රැසක් චර්ම රෝග වලට ගොදුරුවී ඇති බවට චෝදන කරති.


මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිධළාරි කාර්යාලයේ වෛද්‍ය චමිල ලොකුගීගන මහතාගේ උපදෙස්මත මහජන සෞඛ්‍ය පරික්ෂක සී බී රත්නායක, අමිල අබේසේකර, සිලන්ක එදිරිසිංහ ඇතුලු මහජන සෞඛ්‍ය පරික්ෂක කන්ඩායමක් විසින් මෙම පරික්ෂා කර බැලිම් සිදු කරන ලදී.











No comments:

Post a Comment