Sunday, April 24, 2016

මහියංගණයේ රුහුණු වෙදමහතා කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍යාභිමාණී යන ගෞරව නාමයෙන් පිදුම් ලබයි


10:37 AM 4/24/2016
එක්සත් ජාතීන්ගේ සංගමය,ප්‍රජාතන්ත්‍රවාදී ජනතා සම්මේලනය,ජාත්‍යන්තර සංකලිත වෛද්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය ඒකාබද්ධව වෛද්‍ය වෘත්තිය පුනර්ජීවණය උදෙසා බුද්ධි මහිමය,.කුසලතාව,.පොදුජන හිත සුව පිණිස සිය ජීවිතය කැප කරමින් සිදුකල උත්තරිතර සමාජ මෙහෙවර අගය කරමින් "කීර්ති ශ්‍රී දේශබන්දු වෛද්‍යාභිමාණී "යන ගෞරව නාමය මහියංගනයේ වෛද්‍යාචාර්ය කේ .රුබසිංහමහතාට පුදකර තිබේ.
දකුණු ලක හක්මන බෙරුවේවෙල සුප්‍රසිද්ධ රුබසිංහ වෙද පරපුරෙන් පැවත එන කේ. රුබසිංහ මහතා මව්පිය උරුමයෙන් අත් දැකීම් සම්භාරයක් ලබමින් කෙරමිණියේ ආයුර්වේද වෛද්‍ය විදුහලට ඇතුලත්වී වැඩිදුර අධ්‍යාපනය ලබා වෛද්‍ය වරයෙකු ලෙස සමාජයට එක්වූයේ එහිදී ඉහළම සාමාර්ථයන්ද ලබමිනි.
වසර 1976 සිට වෛද්‍ය වෘත්තියට එක්වූ හෙතෙම වෘත්තියට වඩා සේවාවට මුල්තැන දෙමින් කටයුතු කරමින් සැමගේම සිත් දිනාගත් වෛද්‍යවරයෙකි. මහියංගන හදිසි මරණ පරීක්ෂක වරයා ලෙසද සේවා වේ යෙදෙන රුබසිංහ මහතා මහියංගන බෞද්ධ සංගමය,මහියංගන වෙළද සංගමය,මහියංගන රාජමහා විහාරීය කොට්ඨාස ලේකම්,ඇතුළු ස්වේච්ඡා සංවිධාන රැසකම ක්‍රියාශීලී නිළධාරිවරයෙක්ද වන අතර සමස්ත ලංකා සාමවිනිසුරු පදවියකින්ද පිදුම්ලැබූ සමාජ සේවකයෙකි.මහියංගන ආයුර්වේද සංරක්ෂණ සභාවේ ආරම්භක සාමාජිකයෙක්ද වන හෙතෙම දීර්ඝ කාලයක් එහි සභාපති පදවියද දරමින් පාරම්පරික මෙන් ම දේශීය වෛද්‍ය ක්‍රම ශිල්ප නගා සිටුවීමටත්,ඒවා සංරක්ෂණය කිරීමටත් ,නව පරපුරක් බිහිකරලීමටත් කැපවී කටයුතු කරන වෙද දුරෙකි. එසේම සමස්ත ඉන්දීය,මනෝ විද්‍යා කේන්ද්‍රය,ජ්‍යොතිෂ,හා වාස්තු විද්‍යා,සිද්ධායුර්වේද හා විකල්ප වෛද්‍ය කේන්ද්‍රය ඒකාබද්ධව ප්‍රදානය කෙරෙන අන්තර්ජාතික ආසියානු ආයුර්වේද පර්යේෂණය පිළිබද'' විද්‍යා ජෝති පණ්ඩිත් සම්මානයද වෛද්‍ය රුබසිංහ මහතා වෙත පිරිනමා තිබේ.
පෙබරවාරි 13දා කොළඹ පළාත් සංස්කෘතිකකේන්ද්‍ර යේදී 68වන ජාතික නිදහස් දිනය හා සමගාමීව 30 වන වරටත් පවත්වනලදජාතික ,ආගමික.සංස්කෘතික,අධ්‍යාපනික,මාධ්‍යහා ව්‍යාපාර 2016 සම්මානඋළෙලේදී වෛද්‍යාචාර්ය කේ .රුබසිංහමහතාට මෙම සම්මාන පිරිනමා තිබේ.මහියංගනයේ ආයුර්වේද හා දේශීය වෛද්‍ය වරයෙකුට මෙවන් සම්මානයක් මෙන්ම ගෞරව නාමයක් පිරිනමන ලද ප්‍රථම අවස්ථාවද මෙයවේ.

No comments:

Post a Comment