Monday, April 25, 2016

ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය

 කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ දඹාන ගුරුකුඹුර පෝරු ගම් පොජ්ජේදී - ආදිවාසි අලුත් අවුරුදු මංගල්‍ය
2016-04-25 ප.ව. 4:02
දඹාන ගුරුකුඹුර පෝරුගම් පොජ්ජේ අද (25) දින මැච්චේ උදේ කාල මැච්චේ ඉද තබාලා රෑ මැච්ච මන්දො වෙනකම් කෝණ පොජ්ජේ උත්සව පොජ්ජ මන්දො කරනවා’ දඹාන ගුරුකුඹුර ආදිවාසි ගම්මානයේ ආදිවාසි නායක විශ්ව කිර්ති වනස්පති ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි අලුත් අව්රුදු උත්සවය සංවිධානය කර තිබුනේ ඔහුන්ගේ වරිගයට ආවේනික වු අංග රාශියක්ද එක්කරමිනි.
බක් මහේ සුවද නිමාවන්නට දින කිහිපයක් තිබුනද ආදිවාසින්ගේ බක් මහ උළෙල වැදගත් වන්නේ එය ඔහුන්ගේ පරම්පරාවේ සාරධර්ම, සංස්කෘතියට අනන්‍ය වු ආකාරයෙන් සංවිධානය කර තිබිමයි.
ඒම තරග වලින් කිහිපයක් ආදිවාසි හොදම රැවුල තේරිම‍, කිරි කොරස් නැටිම, දුනු ඊතල විදිම, ගල්දුන්නෙන් විදීම, ආදිවාසී කැකුළා හා කැකුළිය තෝරිම, හබක ඇට වීම, උගුල් ඇටවීම, ආදිවාසි ජන ගායනා, ආදිවාසි නැළවිලි ගී, වළස් පොරය, කඹ ඇදීම, දිගම හුව තේරිම, වී ඇට ඇහිදීම (දෙපටුල්ලන් ඇහිලීම) , ටික් මැරිම, ලීයෙන් පොල්ගෑම, (රුකන් පොජ්ජෙන් කිරි ගෑවුම් පොජ්ජ මන්ද කරනවා) හා ඇතුළු තරග රාශියක් මෙම ආදිවාසි අලුත් අව්රුදු මංගල්‍යට ඇතුලත් කර තිබුනි.
දඹාන ආදිවාසී ගම්මානයේ අලුත් අවුරුදු මංගල්‍ය අද (25) දඹාන ගුරුකුඹුර කොටබකිනිය ආදිවාසී ගම්මානයේදී ආදිවාසි නායක විශ්ව කීර්ති වනස්පතී වන්නිල ඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් ආදිවාසි ගම්මානයේ ආදිවාසි විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් ආදිවාසි සංස්කෘතික මධ්‍යස්ථානයේ දී සංවිධානය කර තිබුනි. මේ සදහා කොළඹ, කෑගල්ල, මහනුවර, මහියංගන හා දඹාන අවට ගම්මාන වල ව්‍යාපාරිකයන් හා හිතවතුන් තෑගි බෝග ලබා දෙමින් හා මුල්‍ය අනුග්‍රහය ලබා දෙමින් උදව් උපකාර සිදු කල බව ආදිවාසි නායක වන්නිලා ඇත්තන් ප්‍රකාශ කර සිටියේය‍.










No comments:

Post a Comment