Thursday, April 28, 2016

සත්‍යග්‍රහයේ සහබාගී වී සිටි දෙමාපියෙකුගේ දරුවා යතුරුපැදියේ ගැටී රෝහලේ - දරුවන් හතරවන දිනයටත් දෙමාපියන් සමග මහපාරේ

 2016-04-28 ප.ව. 6:16

“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක් හා දෙමාපියන් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට 25දින උදැසන 7.00ට සිට ආරම්භ කරනු ලැබු සත්‍යාග්‍රහය හතරවන දිනය ඊයේ (28)ට දිනටත් අඛන්ඩව පැවැතිනි. සත්‍යග්‍රහයේ නිරත දෙමාපියන්ට විරුද්දව අධ්‍යාපන නිළධාරින් දැමු පැමිනිල්ල විභාග කිරිමට දෙමාපියන් මහියංගන පොලිසිය වෙත පැමිනි මොහොතේදී සත්‍යාග්‍රහය සිදුවු ස්ථානයේ සිටි දෙමාපියෙකුගේ දරුවෙකු රිය අනතුරකට පත් වීමෙන් තුවාල ලබා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබීය.
මෙසෙ තුවාල ලබා ඇත්තේ ඒ ජේ එම් දුලන්ජන චතුමින, 9/130, අරාවත්ත, මහියංගනය යන ලිපිනයේ පදිංචි වයස අවුරුදු 4ක් වු පෙර පාසැල් වියේ පසුවන දරුවෙකි. මව සමග සත්‍යග්‍රහය සිදුවන ස්ථානයේ සිට හදිසියේ කහ ඉර මතින් දුව යෑම හේතුවෙන් මාර්ගයේ ගමන් ගත් යැතුරුපැදියක ගැටී දරුවා හා යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගතකරනු ලැබීය.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා දරුවන් 28ක් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක නිරතව සිටි.
මෙම ගැටලුවට විසදුමක් ඉල්ලා පාසැල ඉදිරිපිට පොල්අතු මඩුවක් ගසා සත්‍යග්‍රහය ආරම්භකර දින 4ක් ගතව ඇති අතර වගකිවයුතු බළධාරින් හා නිළධාරින් එම ගැටලුව සදහා ස්ථිර විසදුමක් ලබාදීමට සමත්ව නොමැත. අධ්‍යාපන නිළධාරින් දරුවන් හා දෙමාපියන් හට විසදුමක් ලබා දෙනවා වෙනුවට 27 දින මහියංගන පොලිසියට ගොස් සත්‍යග්‍රහයේ නිරත දෙමාපියන්ට විරුද්දව පැමිණිල්ලක් ඉදිරිපත් කලේය. සේරාන විද්‍යාලයේ දරුවන් 18ක් , දෙහිගොල්ල විද්‍යාලයේ ළමුන් 01ක් , ධර්මපාල විද්‍යාලයේ ළමුන් 01ක් හා තවත් ළමුන් කිහ දෙනෙකු දෙමාපියන් විසින් පළමු ශ්‍රේණිය සදහා පාසැල් නොයවන බවත්, ඒ සම්බන්දයෙන් දෙමාපියන් හට අවවාද කරන ලෙස ඉල්ලා මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෝ එච් එම් සුනිල් විජේරත්න මහතා පැමිනිලේ සටහන් කර ඇත. පොලිසියට පැමිනි අවස්ථාවේ මාධ්‍යෙයන් වසංවීම සදහා විශාල උත්සාහයක් අධ්‍යාපන අධ්‍යක්ෂක දැරු අතර අවසානයේ තමන් පැමිණි මෝටර් රථට පොලියතුලට ගෙන්වාගෙන නොපෙනෙන ආකාරයෙන් වහාහනයට නැග පිටත්ව ගියේය. සේරාන විද්‍යාලයේ විදුහල්පති ආර් එම් සේනානායක මහතා ද පසුගිය 26 වන දින පොලිසිය වෙත පැමිනිල්ලක් ඉදිරිපත් කරමින් දරුවන් පාසැල් නොඑවනබවට මහියංගන පොලිසියේ පැමිනිල්ලක් දමා ඇත.
ඒ අනුව පැමිණිලි දෙකම විභාග කිරිම සදහා සත්‍යාග්‍රහයේ නියුතු දෙමා පියන් හා පැමිනිලි පාර්ශව දෙකම මහියංගන පොලිසිය වෙත ඊයේ (28) උදැසන 10.00ට කැදවා තිබුනි. සත්‍යාග්‍රහයේ නිරත දෙමාපියන් පිරිසක් හා සේරාන විද්‍යාලයේ විදුහල් පති ආර් එම් සේනානායක මහතා පැමිනිල්ල විභාග කිරිම සදහා පැමිණ සිටියේය. මහියංගන කළාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෝ එච් එම් සුනිල් විජේරත්න මහතා ඇතුලු නිළධාරින් පැමිණ සිටියේ නැත. සත්‍යාග්‍රහයේ නිරත දෙමාපියන් පිරිසගෙන් කටඋත්තර සටහන් කරගැනිම මහියංගන පොලිස් නිළධාරින් විසින් සිදු කරනු ලැබුවේය.‍ෙ
සත්‍යග්‍රහයේ නියැලෙන දරුවන්ගේ දෙමාපියෙකු වන උපාලි අමරසේන මහතා “ මාර්තු 30 වන දින ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා හමුවෙන්ඩ අපි දෙමාපියො ගොඩක් ගියා. ප්‍රධාන අමාත්‍යවරයා අපෙන් ඇහුවේ මේකට මම අවසරය දීලා තියෙද්දී ආපහු මොකටද මෙහෙ ආවේ කියලා. ඊට පසේසේ ඌව පළාත් අධ්‍යාපන ලේකම් තුමිය කැදලා මේක ලේකම් තුමියට බාරදුන්නා. ලේකම් තුමිය අපිට කිව්වේ අද 30 වෙනිදා. තව දවස් කිහිපයයිනේ අවුරුදු නිවාඩුවට. ඔයාලා අව්රුදුත් කාලා අව්රුදු නිවාඩුවෙන් පස්සේ දරුවො ඉස්කෝලෙට අරගෙන එන්ඩ. අපි අලුත් පංති පටන් ගන්ඩ කටයුතු කරන්නම් කියලා කිව්වා. අලුත් පංතියේ කිරි උතුරවන්ඩ හොද වෙලාවකුත් බලා ගන්ඩ කිව්වා අපිට. ඒ අනුව තමයි අපි අපේ දරුවො අරගෙන මේ දෙවන පාසැල් වාරය පටන් ගත්ත දවසේ පාසලට ආවේ.
ඔරුබැදිවැව ද්විතික පාසැලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහත්තයා අපට කිව්වේ මේ පංතිය පටන් ගන්ඩ මහියංගන කළාප කාර්යාලයෙන් අවසර දිලා නෑ කියලා. ඒ හින්ද තමයි දරුවොත් එක්ක අපි මේ සත්‍යග්‍රහය පටන් ගත්තේ. දෙමාපියන්ගේ ඉල්ලීමට දෙමාපියන් ගේ ගැටලු සැලකිලය ගනිමින් මම දන්න විදියට ඌව පළාතේ ද්විතික පාසැල් වල ඉවත් කරනු ලැබු සියලු ප්‍රාථමික පන්ති නැවතත් ආම්භ කරලා තියෙනවා ඒ පාසැල් වල. පාසැල් දෙකක් විතරයි පන්ති නැවත පටන්ගෙන නැත්තේ. ඒ එකක් තමයි මේ ඔරුබැදැවිව ද්විතික පාසැල. අපේ පාසැලෙත් ප්‍රාථමිකය පටන් ගන්න කියලා ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා, පළාත් අධ්‍යාපන ලේකම්තුමිය, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක තුමා ඇතුලු ඉහල නිළධාරින් ලිඛිත අවසරය දිලා තියෙද්දිත් මහියංගන අධ්‍යාපන කාර්යාලයේ නිළධාරින් තමයි මේක වලක්වන්න හදන්නේ. “ යැයි ප්‍රකාශ කර සිටියේය.
සේරාන විද්‍යාලයේ හිටපු පාසැල් සංවර්ධන ලේකම් ඒ ජේ එම් චන්ද්‍රසිරි මහතා මෙලෙස මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියාසිටියේ “අධ්‍යාපන නිළධාරින් තමයි තමයි අපිවයි දරුවන්වයි මේ පාරට ඇදලා දැම්මේ. එයාලා මේ ගැටලුවට විසදුම් දෙවා වෙනුවට අපාව පොලිසි ගානේ රස්තියාදු කරන වැඩ තමයි කරවන්නේ. ඒක නිසා තමයි අපේ පොඩි දරුවෙක් බයිසිකලයට හැපිපිලා රෝහල් ගත කරන්ඩ උනේ. කොන්දක් පණ නැති අධ්‍යාපන නිළධාරින් මහියංගන කළාප කාර්යාලයේ ඉන්නේ. මිනිස්සු ටිකක් ප්‍රශ්නයකට ඔෆිස් එකට ගියාම දුවන මිනිස්සු දකින්ඩ කැමති අධ්‍යාපන නිළධාරින් අපිට එපා“ යැයි පැවසීය







No comments:

Post a Comment