Saturday, April 16, 2016

ආදිවාසීන් හිසතෙල් ගැල්වති



5:55 PM 4/16/2016
සිංහල හා දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත‍්‍රය අද (16) පෙරවරුවේ සිදු කෙරුණා. ඒ, පූර්ව භාග 10.41 ට යෙදී තිබූ සුබ නැකතින්. හිස තෙල් ගැල්වීම ආදිවාසී නායකතුමන්ගේ ප්‍රධානත්වයෙන්ආදිවාසි ගම්මානයේදි සිදු කෙරුන අතර නායකතුමාගේ බිරිද වන ඌරුවරිගයේ හිංමැණිකා හා නායකතුමාගේ බාල සහෝදරයෙකු වන ගුණබංඩියා ඇත්තන්ගේ හිස තෙල් ගල්වා හිස තෙල් ගැල්වීම ආරම්භ කෙරින. ආදිවාසී ගම්මානයේ ගම්වාසින් සහ ගම්මානය නැරබීම සදහා පැමිණ සිටි සංචාරකයින් දඹාන, ගුරුකුඹුර, කොටබකිණිය ගම්මානයට හිස තෙල් ගැල්වීම සදහා එක්වී සිටියේය.
අලුත් අවුරුදු චාරිත්‍රවලින් හිස තෙල් ගෑමේ චාරිත්‍රය පමණක් ආදිවාසින් අනුගමනය කරන අතර එහිදි ඔහුන් හැක්ම සදහා බාවිතා කරන ආයුධ, දේව ආභරණ, වස්ත්‍ර සදහා ප්‍රථමයෙන් නානු මිශ්‍ර තෙල් ගල්වා දෙවනුව ආදිවාසි ජනතාවගේ හිස තෙල් ගැල්වීම ආදිවාසි නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තන් විසින් සිදු කරන ලදි. වසර පුරා රෝග පිඩා වලින් ආරක්ෂා කරදී නිරෝගි සුව ප්‍රාර්ථනා කිරිම මෙම හිස තෙල් ගෑමේ අලුත් අවුරුදු චාරිත්‍රය අනුගමනය කිරිම තුළින් ඔවුන් බලාපොරොත්තු වේ.




No comments:

Post a Comment