Thursday, April 21, 2016

බක්‌ පොහොය අදයි


 4/21/2016 2:39 PM
බක්‌ පොහොය ශාසන ඉතිහාසයේ වැදගත්ම පොහොය දිනයකි. බුද්ධත්වයෙන් පස්‌වැනි වර්ෂයේ චූලෝදර - මහෝදර නාරජුන් දෙදෙනා අතර මිණි පළඟක්‌ අරබයා වූ සටන සංසිඳුවීම සඳහා භාග්‍යවතුන් වහන්සේ ලක්‌දිවට වැඩම කරන ලද්දේ අද වැනි බක්‌ පොහොය දිනයකය. මෙය බුදුන් වහන්සේගේ දෙවැනි ලංකා ගමනය. විසි දහසක්‌ මහා සංරඝරත්නය සමඟ උන්වහන්සේ කිඹුල්වත්පුරයට වැඩියේද අද වැනි පොහොය දිනයකය.

බක් පොහොය නිමිති කර ගනිමින් ඓතිහාසික මහිංයගන රජමහා විහාරස්ථානයේ දවස පුරා විවිධ පුණ්‍යකර්ම රාශියක් සංවිධානය කර තිබුනේ අස්ගිරි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාවේ ලේඛකාධිකාරී මහියංගණ රජමහා විහාරස්ථානයේ භාරකාර රාජකීය පණ්ඩිත පූජ්‍ය උරුලෑවත්තේ ධම්මරක්ඛිත නායක ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙනි.







No comments:

Post a Comment