Wednesday, April 13, 2016

අලුත් අවුරුද්ද සමරනවා සේම ජීවිත ද අලුත් කරගත යුතුයි

11:36 PM 4/13/2016
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් ද පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.ඔහු පවසන්නේ සියලු මිනිසුන්ට මෙන්ම වනයේ වෙසෙන සතා සිව්පාවුන්ට සහ ගහ කොළවලට ද සුභ අලුත් අවුරුද්දක් ප‍්‍රාර්ථනා කරන බවයි. රටට දේවාශිර්වාදය ලැබේවායි ද ප‍්‍රාර්ථනා කරන බව ඔහු කියා සිටියා. අලුත් අවුරුද්දක් උදාවද්දී විවිධාකාරයෙන් එය සමරනවා සේම ජීවිත ද අලුත් කරගත යුතු බවයි ආදිවාසී නායකයා කියා සිටියේ. අලුත් අවුරුද්දේද පැරණි වැරදිම සිදුකරන්නේ නම් සැමරුම්වලින් පළක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.අලුත් අවුරුද්ද සැමරීමේදී මව්පියන්ට සහ වැඩිහිටියන්ට මෙන්ම භික්ෂූන්වහන්සේට ගරු සත්කාර කිරීම වැනි යහපත් පුරුදුවලට ප‍්‍රමුඛතාව ලබාදිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.
පවුලම එකතු වී සිය නිවසේදී අලුත් අවුරුදු සැමරීම වඩා ඵලදායී බවයි ආදී වාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් වැඩිදුරටත් පැවසුවේ. සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද සැමරීමේදී මත්පැනින් සහ ගැටුම් ඇතිකර ගැනීමෙන් වළකින ලෙස ද ආදිවාසී නායකයා සියලුදෙනාගෙන් ඉල්ලීමක් කළා.

No comments:

Post a Comment