Tuesday, April 26, 2016

අපවත්වු මිනිපේ සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රවේදි රඹුක්වැල්ලේ නන්දාරාම නා හිමියන්ගේ ආදාහන කටයුතු හෙට (27)

2016-04-26 ප.ව. 7:16
විහාරස්ථායේ වතුර ටැංකියෙන් දිය නෑමේදි යම් සිදුවිමකින් එම ජල ටැංකියට වැටි ජලය පෙවිමෙන් රෝගාතුරව අපවත්වු හසලක පල්ලේවත්ත ශ‍්‍රී සුගතාරාමාධිපති 14 ඇල ඥාණෝභාෂ පිරිවෙනෙහි පරිවෙනාධිපති මිනිපේ සාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පුජ්‍ය පණ්ඩිත ශාස්ත‍්‍රවේදි රඹුක්වැල්ලේ නන්දාරාම නා හිමියන්ගේ ශ‍්‍රී දේහයේ ආදාහන කටයුතු මෙම 27 වෙනි දින සවස හසලක මහජන ක‍්‍රිඩාංගණයේදි සිදු කිරිමට නියමිතය.
ඉකුත් 24 වෙනි දින සවස විහාරස්ථානය පිටුපස ඇති ජල ටැංතියෙන් දිය නෑමට යැමේදි කිසියම් හේතුවකින් නා හිමියන් ජල ටැංකිය තුලට වැටි ඇත. නා හිමියන් දිය නාමින් සිටි ස්ථනයට ගිය පොඩි ස්වාමින් වහන්සේ නමක් තම ගුරු හාමුදුරුවන් ජල ටැංකියේ වැටි සිටිනු දැක වහා අසල් වාසින්ව දැනුවත් කර එම හිමියන් රෝහලට රැගෙන ගොස් තිබේ. ඒ වෙනවිටත් නන්දාරාම හිමියෝ අපවත්වි සිටි බව වෛද්‍යවරුන් පවසා ඇත.

ප‍්‍රදේශයේ  ආගමික, සංස්කෘතික සහ සමාජමය කටයුතුවලදි දැඩි කැපවිමකින් කටයුතුකළ නන්දාරාම හිමියන් අපවත්වෙන විට 53 වෙනි වියේ පසුවුහ.

No comments:

Post a Comment