Friday, April 15, 2016

නාදුනන පිරිමි මළසිරුරක්


4/15/2016 1:28 PM
හදුනාගැනිමට අපහසු මට්ටමට නරක් වු පිරිමි මළසිරුරක් අද (15) උදැසන මහියංගන බුද්ධගයා අනුරුව ආසන්නයේ තිබියදි හමු බව මහියංගන පොලිසිය පවසති.
මහියංගන ප්‍රාෙද්ශිය ලේකම් කාර්යාලය ආසන්නයේ ඉදිවන නව ඌව පළාත්සභා සංචාරක අමාත්‍යාංශයට අයත් ගොඩනැගිල්ල ආසන්නයේ තිබි මෙම මල සිරුර සොයාගත් බව පොලිසිය පවසයි. දැඩි දුර්ඝන්දය හේතුවෙන් ඒ ආසන්නයේ සේවය නියුතු පුද්ගලයෙකු විසින් මම මළසිරුර ප්‍රථම වරට සොයාගෙන ඇත.
අධිකරණ වෛද්‍ය පරික්ෂණ, මරණ පරික්ෂණ, ස්ථානිය පොලිස් පරික්ෂණ සිදු කිරිමට නියමිත බව මහියංගන පොලිසියේ ස්ථානාධිපති තිස්ස කුමාර මහතා ප්‍රකාශ කර සිටි. මියගිය පුද්ගලයා හා ඊට හේතුව මේවන තුරු අනාවරණව වී නොමැත. පොලිස් පරික්ෂණ ක්‍රියාත්මකයි.




No comments:

Post a Comment