Sunday, April 3, 2016

ෆේස්බුක් බක්මහ උළෙල 2016 ශ‍්‍රී ලංකාවේ දෙවෙනියට දුෂ්කරම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ දරුවන්ට අවුරුදු අරන් යන්න ඔබත් දායක වෙන්න කැමතිද?


ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ තමයි කුරුවිතන්න ගම පිහිටලා තියෙන්නේ. ලංකාවේ දුෂ්කරම ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ අතරින් දෙවැනි තැන හිමි වෙන්නෙත් මේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයටයි. ඒ තරම් ඇති දුෂ්කර ගමක්. ඉන්නේ අන්ත අසරණ දුප්පත් මිනිස්සු.එකයි අපි මේ ගම තෝරා ගත මුලික කරුණ. අපි විවිධ ව්‍යාපෘතීන් වලට මේ ගමට ගිය වෙලාවේ ගමේ ග්‍රාම නිලධාරි තුමා හර්ෂ අපිට ගොඩාක් උදවු කළා. ඔහුගේ වැඩ පිළිවෙල දුටු අපට කැපවීමෙන් වැඩ කරන දුටු අපට මෙය සංවිධානය කිරීමේ වගකීමෙන් කොටසක් බාර දෙන්න දෙවරක් හිතන්න ඕනි උනේ නැ. ඒ තරම් ඔහු කැපවීමෙන් උනන්දුවෙන් අපට උදවු කළා.
ඒ අනුව කුරුවිතන්න ගම තොර ගත් අපි කුරුවිතැන්නට ගොස් හර්ෂ සමග කතාබහ කර අවුරුදු උත්සවේ තියන්න ඕනි මුලික සැලැස්ම ඉදිරිපත් කළා. මේ සාකච්චාවට ගමේ ආර්ථික සංවර්ධන නිලධාරි තුමිය ඇතුළු කිහිප දෙනෙක් සම්බන්ධ උනා. අපගේ සැලැස්මට අනුව වැඩ කටයුතු කර දීමට ඔවුන් හැමෝම එකගත්වය පල කලේ හරිම සතුටින්. ඔවුන් එක ඉල්ලීමක් කළා. ඒ අපි අවුරුදු උත්සවය කරන්න බලාපොරොත්තු උනේ පොඩි දරුවන් වෙනුවෙන්. ඔවුන් කල ඉල්ලීම තමයි ගමේ කිසිදා මෙවැනි අවුරුදු උත්සවයක් පවත්වා නැති නිසා සියලුම ගමේ ගම්වැසියන් වෙනුවෙන් පවත්වන්න කියලා. එම ඉල්ලීමට එකග වූ අපි ඒ අනුව අපේ වැඩසටහන යලි පිළියෙළ කළා.
අවුරුදු උත්සවේ වැඩසටහන සකස් කිරීමේදී අපි අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ගැනත් සැලකිලිමත් වුනා. දරුවන් විශාල පිරිසක් සහභාගී වන නිසා ඔවුන්ට දැක බලා ගන්නටත් අවුරුදු සිරිය ගෙන ඒමටත් උත්සවයේ පළමු අංග ලෙස පහත අංගයන් ටික එක කළා. තවද ඒ සමගම උත්සවය ආරම්භ කිරීමට චිරාගත සම්ප්‍රධායන්ට අනුව එන මේ අංගයන් ටිකද එක කරනු ලැබුවා.
01. ආරාධිත අමුත්තන් බුලත් හුරුළු දී පිලි ගැනීම.
02. පොල්තෙල් පහන දැල්වීම.
03. පැමිණ සිටින පිරිස පංච ශීලයේ පිහිටවීම.
04. ජාතික ගිය / ඌව ගීතය ගායනා කිරීම.
05. අමුත්තන් පිළිගනිම හා අරමුණු පැහැදිලි කිරීම.
06. විශේෂයෙන් සකසන ලද ගැමි නිවසක අවුරුදු චාරිත්‍ර ඉටු කිරීම.
- ලිපගිනි මෙලවීම
- කිරි ඉතිරවීම
- නැකතට වැඩ ඇල්ලීම
- ගනුදෙනු කිරීම
- ආහාර අනුභව වැඩිහිටියන්ට බුලත් හුරුළු දී වැඳ ආශිර්වාද ලබා ගැනීම.
තරග ඉසවු ආරම්භ කිරීම
තරග ඉසව් :
01. ගම හරහා දිවීම.
02. අලියට ඇහැ තැබීම. (ළමා- අවු 5-11 ත අතර)
03. කොට්ට පොර තරගය. (අවු 12ට වැඩි )
04. අවුරුදු කුමරා / කුමරිය තේරීම
සිඟිති අවුරුදු කුමරිය (වයස අවු 12න් පහල)
සිඟිති අවුරුදු කුමරා (වයස අවු 12න් පහල)
අවුරුදු කුමරිය (වයස අවු 30ට අඩු - අවිවාහක )
අවුරුදු කුමරා (වයස අවු 30ට අඩු - අවිවාහක )
වැඩිහිටි අවුරුදු කුමරිය (වයස අවු 55ට වැඩි )
05. බැලුන් පිපිරවීම (වයස අවු 5-10)
06.බෝතලයට වළල්ල දැමීම (විවර්ත)
07. සංගීත පුටු තරගය
ළමා (වයස අවු 10ට අඩු )
තරුණ (වයස අවු 11-18 අතර)
(වයස අවු 35ට අඩු)
වැඩිහිටි (වයස අවු 36ට වැඩි)
08. කණා මුට්ටි බිඳීම (වයස අවු 15ට ඉහල)
09. පිටිගොඩේ කාසිය සෙවීම (වයස අවු 10 - 18ත් අතර කාන්තා)
10. සුප්පුවෙන් බිම බිම
ළමා - කාන්තා/ පිරිමි (වයස අවු 8-15)
11. වතුර පිරවූ බැලුන් ඇල්ලීම (යුගල)
වයස අවු 16ට අඩු / විවර්ත
12. අන්ධයාට යෝගට් කැවීම (යුගල)
වයස අවු 16ට අඩු / විවර්ත
13. පොල් ගෑමේ තරගය - ගැහැණු (වයස අවු 35 - 55)
14. පොල් අතු විවීම - ගැහැණු (වයස අවු 55ට වැඩි )
15. ග්රිස් ගහ නැගීම (විවර්ත/ පිරිමි)
16. බනිස් කෑම
පිරිමි (වයස අවු 5-8 අතර)
17. කඹ ඇදීම (ගැහැණු / පිරිමි )
18. විකට ඇඳුම් තරගය
සිඟිති (වයස අවු 8ට අඩු )
19. බාධක දිවීම
පිරිමි (වයස අවු 10 - 18)
20.බැලුම් නර්තනය (යුගල)
21. සැඟවුණු අමුත්තා සෙවීම (විවර්ත)
22. වට්ටක්ක ගෙඩියේ ඇට ගණන නිවැරදිව කීම. (විවර්ත)
23. බෝතලයට වතුර පිරවීම (යුගල - වයස අවු 15න ඉහල)
24. ජනගී ගායනය
25. ආදර්ශමත් වාක්‍ය ඉධිරිපත් කිරීම
26. කකුල් තුනෙන් දිවීම (යුගල / විවර්ත)
27. කුඩා ළමුන් සඳහා ටොෆි අහිදීමේ තරගය.
ත්‍යග සඳහා වියදම : රු.147,247
අනෙකුත් වියදම් : රු.65,000
(ප‍්‍රවාහන, සංවිධාන කටයුතු, සංග‍්‍රහ කටයුතු වැනි)
සම්පූර්න්‍ වියදම දළ වශයෙන් : රු.212,247
ඔබට දායක වෙන්න පුළුවන් මුදල කමෙන්ට් කරන්න. මේ දරුවන්ට කිසිදා නොදැක්ක ආකාරයේ අවුරුදු උත්සවයක සිරිය විඳ තෑගී ලබා දීමට සහය වන්න.
මෙහි තොරාගත් තරග ඉසව් කිහිපයක් අපේ‍්‍රල් මාසයේ උපන්දින සමරන ෆේස්බුක් මිතුරන් කිහිප දෙනෙක් වෙනුවෙන් වෙන් කිරීමට බලාපොරොත්තු වේ.
ස්ථානය :- රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කුරුවිතැන්න ගම.
Date : 3rd April 2016

No comments:

Post a Comment