Wednesday, April 6, 2016

අනියම් පෙමට ලොල් වුණු අක්කාගේ දොල සිදවන්න මල්ලී නිදියහනේදීම ජීවිත දෙකක් එලොව යැව් හැටි වමාරයි

4/5/2016 11:35 PM
මහියංගන අරාවත්ත තරුණ ව්‍යාපාරය ප්‍ර දේශයේ මවක හා කුඩා දියනියක නිදි යහනේදීම ඝාතනය කල සැක කරුවෙකු මහියංගන පොලිසිය විසින් සිදු කල විමර්ෂණ වලින් වසර එකහමාරකට පසුව ඒකල ප්‍ර දේශයේ සැගව සිටිමින් පොලිසියෙන් කට්ටි පනිමින් සිට පෑලියගොඩ පොලිසියේ සහයෙන් අත් අඩංගුවට ගැනිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් පැය 48ක් ප්‍රශ්න කිරිම සදහා රදවා ගැනීමටත් ඉන් අනතුරුව 19 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙසත් නියෝග කලේය.

මෙසේ අත් අඩංගුවට ගනු ලැබුවේ විජේසුන්දර මුදියන්සේලාගේ තිලක් සංජීව විජේසුන්දර නොහොත් සංජීව නැමැති වයස 26ක විවාහක එක් දරු පියෙකි. ඔහු  නවවන විජය බා බලකායේ පුහුනුව ලබා වව්නියාව විජය බා  බලකායේ 57වන බලකායට අනුයුක්තව වව්නියාව නව වන විජයබා කදවුරේ සෙබල අංක 520089 යටතේ රාජ කාරියේ නියුතුව සිටි අයෙකි. 2009 වර්ෂයේ ක්ලේමෝ බෝම්බ කැබැල්ලක් වැදි තුවාල ලැබු අයෙකි.

මහියංගන අරාවත්ත ප්‍ර දේශයේ මවක් සහ වයස අවුරුදු 06ක කුඩා දියනියක් නිදියහනේදිම 2014-12-18 රාත්‍රියේදි ඝාතනය කරනු ලැබිය. එදින රාත්‍රිෙය් නිවසේ නොසිටිම හේතුවෙන් වැඩිමහල්  දියණියකගේ (වයස 08) දිවි බේරුනේය. වසර දෙකකට ආසන්න කාලයක් මෙම මිනිමැරුමේ අභිරහස සැගව තිබියදී මිනිමැරුම සිදුකල පාපතරයා පොලිසියේ උකුසු ඇස්වලින් බේරි සිටිමට සමත් විය. අපරාධයක් සිදුකර කිසිවෙකුහට සැගව සිටිමට කිසිදාක නොහැකිය යන්න සනාත කරමින් මෙම ද්විත්ව ඝාතනය සිදු කල පාපතර මිනි මරුවා පසුගිය 2016-04-02 දින පොලිස් අත් අඩංගුවට පත් විය. ඒ මහියංගන පොලිසියේ දැනුම් දීමකට අනුව පෑලියගොඩ පොලිසිය විසින් සැකකරුගේ බිරිදගේ නිවසේ (ඒකල ප්‍ර දේශයේ) සිටියදී අත් අඩංගුවට ගනු ලැබීය.

එදා මෙලෙස ඝාතනය කරනු ලැබුවේ 205/2, තරුණ ව්‍යාපාරය, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි බටගල්ලේ ගෙදර චන්ද්‍රා කුමාරි නම් වන වයස 31ක තරුණ මවක් හා කේ ජි හිමාශා කාවින්දි නම් වන වයස අවුරුදු 06ක කුඩා දියනියකි. නිදියහනේ නිදා සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති අතර තියුණු කැපුම් ආයුදයකින් ගෙල ප්‍ර දේශයට එල්ල කරනලද ප්‍රහාරයන් මගින් මෙම ඝාතනය සිදු කර ඇත. ඝාතනය සිදු කරන විට මෙම දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර වැඩිමහල් දියනිය සිය මිත්තනියගේ නිවසට සන්ධ්‍යාවේ ගොස් නැවත නොපැමිණිම හේතුවෙන් ඇයගේ දිවි බේරුනි. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ කේ ජි බුද්ධිකා ප්‍රියදර්ශනි නම් වයස 08ක දැරියකි.

මරණ කාරියගේ (චන්ද්‍රා කුමාරි) මස්සිනා මෙම මිනිමැරුම පොලිසිය වෙත19 දින උදැසන දැනුම් දී ඇති අතර “ දෝනි තාම දොර ඇරලා නෑ... මොකද දන්නේ නෑ“ කියා එම නිවසට ගොස් විසමිලිමත් ව ඇත. නිවසේ කිසිවකු ගේ ප්‍රතිචාරයන් නොමැති කමින් තවමත් නිවසියන් නිදියමින් සිටින්නේ කුමකටද යන්න පිළිබද සොයාබැලිමේදි ඔහුන් නිදියහනේදිම ඝාතනය කර ඇති බව දැක මහියංගන පොලිස් ස්ථානය වෙත සිද්ධිය සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඉන්පසුව මෙම මිනිමරුම සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ  ආරම්භ කෙරිනි. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරින් හා අපරාධ අංශයේ ස්ථානාධිපති එස් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කලහ. මහියංගන හිටපු මහේස්ත්‍රාත් ගීතානි විජේසිංහ මෙනෙවිය විසින් මහේස්ත්‍රාත් පරික්ෂය සිදු කිරිමෙන් පසුව පශ්චාත් මරණ පරික්ෂණ සදහා දේහයන් දෙක බදුල්ල රෝහල වෙත යවන ලදී.
මිනිමැරුම සිදු වු රාත්‍රිෙය් වර්ෂාව අධිකව පැවතුන රාත්‍රියක් වු අතර මිනි මරුවා කිසිදු සාක්ෂියක් නොතබා ඉතා සුක්ෂම ලෙස මෙම මිනිමරුම් ද්විත්වයම සිදු කර ඇති අතර එම හේතුවෙන් මිනි මරුවා සොයාගැනිම පොලිසියට දැඩි අසිරු විය.

පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක විය. සැක කරුවන් කිහිප දෙනෙතුගෙන්ම ප්‍රශ්න කෙරිනි. හෝඩුවාවක් සොයා ගැනීම අපහසු විය. බදුල්ලේ සිට සිරුරු දෙක දින දෙකකට පසු නිවසට ගෙන එනු ලැබුවේ පස්චාත් මරණ පරික්ෂණයෙන් පසුවයි. මළගෙදරට සිවිල් ඇදුමින් සැරසුනු පොලිස් නිළධාරින් පිරිසක් යෙදවුයේ මෙම අභිරහස් මරණය සම්බන්දයෙන් කිසියම් හෝ හෝඩුවාවක් සොයැගැණීමේ අරමුණ ඇතුවයි. ඒ අනුව අපරාධ අංශයේ ස්ථානාධිපති චතුරංග මහතා වරින් වර එම ස්ථානයට ගොස් සැක කටයුතු පුද්ගලයන් පිළිබදව සොයා බැලු වේය. ප්‍රශ්න කලේය. “ මේ මළගෙදරම මිනිමරුවා ඇති“ යැයි පොලිසියට සැක සිතුනේය.. එහෙත් එය සොයා ගැනිමට කිසිදු සලකුණක් පාදා ගැනිමට තොරතුරු ලැබුනේ නැත.

ඝාතනයට ලක්වු කාන්තාවගේ  සැමියා ඔහුන්ගේ නිවස අසල කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්දතාවයක් පවත්වා ඇති අතර මෙම අනියම් ඇසුරට පාර්ශව දෙකෙන්ම විරෝධතාවයන් එකල එල්ල වී තිබුනා. ඒ සම්බන්දයෙන් පොලිසියට තොරතුරු රැසක් විවිධ ප්‍රශ්න කිරිම් හමුවේ අනාවරණය කර ගැනිමට හැකි විය. මරණ කාරියගේ සැමියා ඔහුන්ගේ අභිරුචිය පරිදි අනියම් ඇසුර පවත්වාගෙන ගොස් ඇති අතර සැමියා කොළඹ ප්‍ර දේශයේ රැකියාවේ නිරතව සිට ඇත. අනියම් කාන්තාවද කොළඹ ප්‍ර දේශයේ රැකියාවක් සදහා ගෙන්වා ගනිමින් ඔහුන් එකට ජිවත්ව සිට ඇත. ඒ සම්බන්දයෙන් විවිධ අවස්ථාවලදී ගම්මානයේ එම පවුල් දෙක අතර රංඩු සරුවල් අති වු බවත්, මෙම අනියම් ඇසුරට ගම්මානය පුරා කැලෑ පත්තර වැදුනු බව පොලිසියට ගම්වාසින් තොරතුරු ලබාදුන්නේය. පොලිසිය තොරතුරු රැසක් ඒ අනුව ලැබුනේය. සැක සිතුනේය.

මරණ කාරියගේ සැමියාගේ අනියම් කාන්තාවගේ සහෝදයා (සංජීව ) යුදහමුදාවෙන් පැන ආ පුද්ගලකි. ඔහු මළ ගෙදරදී පොලිසිය වෙත අසාමාණ්‍ය ලෙස උදව් උපකාර කල නිසා ඔහු පිළිබද කුඩා සැකයක් පොලිසිය වෙත ඇතිවිනි. එහෙත් සැකය සනාත කර ගැනීමට කිසිදු සාක්ෂියක් නොලැබුනි. මිනිමැරුම සිදුවු රාත්‍රියට පසු දින උදැසන (19 දින) යුද හමුදාවෙන් පැන සිටි සංජිව (අනියම් කාන්තාවගේ සහෝදයා) ත්‍රිරෝධ රථයකින් ඉතා වේගයෙන් 51 කණුව දෙසට ගිය බවත් ඒ යන අතර මගදී එසේ වේගයෙන් පැමිණි ත්‍රිරෝධ රථයට අත දැමු ගමේ ආරාමයේ මෙහෙනින් වහන්සේ රැගෙන යෑම ප්‍රතික්ෂේප කල බව පොලිසියට ආරංචි විය. ඒ අනුව සැකය තවත් වැඩිවිය.

මිණීමැරුම සිදු වී දින කිහිපයකට පසු සංජිවගේ බිරිද ප්‍ර දේශයෙන් බැහැරවී ඇයගේ ගමට (ඒකල) යෑමද පොලිසියට ආරංචි විය. ඒ සම්බන්දයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති චතුරංග මහතා සංජිවගෙන් ප්‍රශ්න කිරිමේදි “ මගේ නෝනා ක්‍රිස්තියානි. නත්තලුත් ලග ලගම එන හින්දා ගමේ ගිහින් දැම්මා“ යැයි ප්‍රකාශ කර තිබේ.

හත් දවසේ දානය දීමටද සංජිව මහත් කැප කිරිමක් සිදු කලේය. දානය දීමෙන් අනතුරුව මරණකාරියගේ සැමියා මේ මිනිමැරුම සම්බන්දයෙන් නිමිත්තක් බැලිමට බිබිල ප්‍ර දේශයේ ‍දේවාලයක් වෙත ගොස් ඇති අතර ඒ සදහා ඔහු සංජීවගේ ත්‍රිරෝධරථයම පාවිච්චි කර ඇත.
තොරතුරු දැන ගැනීම සදහා නිරන්තරයෙන් පොලිස් නිළධාරින් මරණ කාරියගේ සැමියා සමග දුරකථනයෙන් සම්බන්ද වු අතර ඒ වන විටත් ඔහුන් සමග දුරකථන සබදතා පැවැත්වු පුද්ගලයන් සම්බන්දයෙන් දුරකථන වාර්ථා පොලිසිය විසින් ලබාගෙන අධ්‍යනය කරමින් සිට ඇත.

නිමිත්ත බලා නිවසට පැමිණිමේදි සංජිව සමග පොලිසිය වෙත පැමිනෙන ලෙස අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා මරණ කාරියගේ සැමියා හට දුරතථනයෙන් දැන් වුයේය. ඒ අනුව නිවස බලා ආපසු පැමිණිමේදි පොලිසිය වෙත මරණ කාරියගේ සැමියා පැමිණ ඇති අතර සංජිව පොලිසිය වෙත නොපැමිණ ගේට්ටුව අසල රැදි සිට ඇත. අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා සංජිවට පොලිසියට පැමිනෙන ලෙස දැන්වීමට පාරට පැමිණි මොහොතේ සංජිවගේ ත්‍රිරෝධරථය පොලිසිය ඉදිරිපිට තිබුනේ නැත. ඒ අනුව සංජිව වෙත දුරකථනයෙන් කථා කර පොලිසිය වෙත පැමිනෙන ලෙස දැන් වු අතර “ මට හයර් එකක් සේට් උනා සර්...මම පස්සේ එනන්ම්“  කියා පොලිසිය මග ඇරියේය. ඒ හේතුවෙන් සංජිව සම්බන්දයෙන් සැකය තවත් තීව්ර වුයේ පොලිසිය මගහරින්නේ ඇයිද යන්න ප්‍රශ්නය ඉතිරි කරමිනි.

දින සති ගනන් ගෙවී ගියේය. සංජීවගේ ත්‍රිරෝධරථය මැණික්හින් ප්‍ර දේශයේ පුද්ගලයෙකු හට විකුණා ප්‍ර දේශයෙන් අතුරුදහන් වුයේ කාටත් නොකියාමය. ඒ ඔහු පසු පස පොලිසිය පන්නන බව වැටහීමක් ඇති වු  නිසා විය හැක.
වර්ෂ පුර්ණ දානය නිමාවීමත් සමග මෙම මිනිමරුවන් අල්ලන්නට පොලිසිය අසමත් වීම ගැන ගම්වාසින්ගේ කසු කුසුවක් ඇති විය. අප්‍රසාදය ඵල විය. විරෝධතාවයක්ද සංවිධානය කරන්නට ගම්මු සුදානම් කලෝය. ගම්මානයේ පොලිසියට විරුද්දව කැලෑපත්තරද ගැසුවෝය. ඒ සම්බන්දයෙන් වර්ථමාන මහියංගන පොලිස්ථානාධිපතිවරයා හට දැන ගන්නට ලැබින. මහියංගන පොලිස්ථානයේ ස්ථානාධිපති තිස්ස කුමාර මහතා ගම්මු හමුවීමට යෑමට තීරණ කල අතර ඒ සමග යෑමට අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා හට කථා කල විට චතුරංග මහතා ඒවන විට නිවාඩු ලබා  සිය නිවෙස වෙත යමින් සිට ඇත. ඇතිව ඇති තත්වය තේරුම් ගත් චතුරංග මහතා නිවසට යෑම පැතත්කට දමා උඩදුම්බර ප්‍ර දේශයෙන් බසයෙන් බැස යලි පොලිස්ථානය වෙත වාර්ථා කලේය. ගම්වාසින් හමු වීමට ගොස් ඔහුන් සමග කථා කර මිණිමරුවා කඩිනමින් අල්ලන බවට සහතික වීමත් සමග  ගම්වාසින් නිහඩ විය.

ඒ වන විට ප්‍ර දේශයෙන් ඵලා ගොස් සිටි සංජීව සම්බන්දයෙන් විමර්ශන කටයුතු දැඩි වු අතර ඔහුගේ බිරිදගේ නිවස ඒකල ප්‍ර දේශයේ ඇති බවත් එහි තොරතුරු විමර්ශනය කිරිමට අපරාධ අංශයේ ස්ථානාධිපති වරයාගේ හිතවත් පොලිස් නිළධාරියෙකු හට දැනුම් දුන්නේය. ඒ අනුව සංජිව බිරිදගේ නිවසේ සිටින බවට තොරතුරු සනාත කර ගැනීමෙන් පසු ඔහුව අත් අඩංගුවට ගැනීම සදහා පෑලිය ගොඩ දිශා  කොට්ඨාශ අපරාධ ඒකකයේ නිළධාරින්  දැනුවත් කර සැකකාර සංජීව අත් අඩංගුවට ගනු ලැබීය.
ඉන් අනතුරුව මහියංගන පොලිසිය වෙත සංජීව අධිකරණ ක්‍රියාමාර්ග සදහා බාර කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරනය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු පැය 48 රදාවාගෙන ප්‍රශ්න කිරිම සදහා මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය අවසර ලබාදුන් අතර, ප්‍රශ්න කිරිමෙන් පසු 19 වන දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කලේය.

මහියංගන පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා නොවිසිදුන අපරාධ හා නඩු මෙහෙයුම් අංශයේ වර්ථමාන ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග යන මහත් වරුන් විසින් සැකකාර සංජීව ගෙන් ප්‍රශ්න කිරිම ආරම්භ කලේය.

ප්‍රශ්න කිරිම් හමුවේ සංජීව මිනිමැරුම තමන් විසින් සිදු කල බව පිලිගත්තේය. මිනිමැරුම සිදු කල ආකාරය පිළිබද තොරතුරු සියල්ල හෙලි කරන්නට විය. “ මම බීලා ඉන්න කොට, මේ ගැණි ඉවරයක් කෙරුවොත් අපේ අක්කයි ගාමිණි අයියටයි සතුටින් ඉන්න පුලුවන්  කියලා මට හිතුනා...  මම ගොඩක් අපේ අක්කාට ආදරෙයි. අපේ අක්කා ඔය මම මැරුව කාන්තාවගේ සැමියා එක්ක සම්බන්දයක් පටන් ගත්තා. ඒකට අපේ ගෙවල් දෙක අතරෙ නිතරම රන්ඩු සරුවල් පටන් ගත්තා. ඔය මම මැරුව ගෑනු කෙනා දුරකථනයෙන් අපේ අක්කාට කථාකරලා බනිනවා, අපේ අම්මට බනිනවා. මට ඒවා ඉවසන්ඩ බැරුවයි හිටියේ. ඒත් මම නිතර එයාලාගේ ගවල් වලට ගියා. ආශ්‍රය කරා. චන්ද්‍රා අක්කාගේ මහත්තයත් එක්ක ( සංජිවලේ අක්කා එක්ක යාලුවෙලා හිටිය චන්ද්‍රාගේ සැමියා) මම එකට ෆාම් එකේ වැඩ කරලා තියෙනවා. චන්ද්‍රා අක්කාගේ මහත්තයයි අපේ අක්කාගේ සම්බන්දෙට මම කැමැත්තෙන් හිටියේ. මොකද එයාලා සතුටින් හිටපු හින්දා.

එදා 18 උදේ (මිනි මැරුම සිදු කල දවසේ උදේ ) මම 51 කණුවේ කොහු මෝලෙට වැඩට ගියා.  හැන්දෑවේ වැඩ ඇරිලා 5ට විතර ගෙදර එන කොට මාමා කෙනෙක් දුරකථනයෙන් කථාකරලා අද හවස සෙට් වෙමුද කියලා මගෙන් ඇහුවා. මගේ ගාව සල්ලා නෑ කියලා මම කිව්වා. පස්සේ මට මාමා සල්ලි දුන්නා බෝතයක් ගේන්ඩ. මම ත්‍රිවිල් එකෙන් ගිහින් 51 කණුවේ බාර් එකෙන් බෝතලයක් ගෙනාවා. මාමායි මායි ගෙදර යන ගමන් ත්‍රිවිල් එකේ තියාගෙනම අමුවෙන්ම බෝතලේ කඩාගෙන බිව්වා පොඩ්ඩක්. ඉන් පස්සේ අපේ අයියලාගේ ගෙදර ගිය ඉතුරු ටික බොන්ඩ. බිබි ඉන්න ගමන් අපේ අක්කාගේ සම්බන්‍ෙදට ගෙදරින් කැමති නැතුව වෙන රංඩු සරුවල් ගැන කථා උනා. ඒ සම්බන්දෙ නිසා අක්කා සතුටින් ඉන්න බව මම දන්නවා. ඒ සම්බන්දෙට මමත් කැමතියි. අර ගෑනිව මැරුවනම් අපේ අක්කා සතුටින් ඉදියි  කියලා ඒ වෙලාවෙත් මට හිතුනා. මම හොදට බීලා හිටියේ. මම චන්ද්‍රා අක්කාගේ (මරණකාරියගේ) මස්සිනාගේ ගෙදර කුලියට නරත වෙලා සිටියේ. චන්ද්‍රා අක්කා අපේ ගෙදරට මිටර් 50ක් විතර එහායින් නිවසේ හිටියේ.

අපි බිලා ඉවර වෙලා මම ත්‍රිවිල් එකෙන් ගෙදර ගියා. මම ත්‍රිවිල් එක මිදුලේ දාලා චන්ද්‍රා අක්කලාගේ ගෙදර පැත්තට ගියා. ගෙදර යනකොට වෙනදා බුරන බල්ලා බිරුවෙත් නෑ. එයාගේ මහත්තයා ගෙදර හිටියේ නෑ. එයා වැඩ කරන්නේ කොළඹ “ යැයි කියාගෙන කියා ගෙන ගියේය.

සංජීව නැවතත් “ මම කලුවරේම චන්ද්‍රා අක්කාගේ ගේ පැත්තට ගියා. කුස්සිය වෙනම එලියේ තියෙන්නේ. කුස්සියේ දොර තල්ලු කරාම ඒක ඇරුනා. මම ෆෝන් එකේ ටෝච් එක ගහලා ආයුදයක් හෙව්වා. මන්නයක් වගේ දිග පිහියක් අතට හම්බ උනා. ඒක අරගෙන ගෙට කුස්සිය පැත්තෙන් ඇතුල් වෙන්ඩ බැලුවා. උලු අස්සට උඩින් බිතිතිය සම්පුර්ණයෙන් බැදලා තිබුනේ නෑ. මම එලියේ තිබුන ප්ලාස්ටික් පුටුවක් ගෙනත් දොරලග තියලා වහාලේ පොල්ලක එල්ලිලා උලුඅස්ස උඩ සිදුරෙන් ගෙදරට ඇතුලු උනා. චන්ද්‍රා අක්කා නිදාගෙන හිටපු කාමරයට හිමිහිට එබිකම් කරලා බැලුවා. එතකොටම චන්ද්‍රා අක්කා කැස්සා.... කැහැගෙන ඇහැරුනා. නෙට් එක උස්සගෙන එලියට එන්ඩ ලෑස්ති උනා. මාව දැක්කාද දන්නේ නෑ කියලා හිතලා පැනපු ගමන් මන්නෙන් බෙල්ල පැත්තට කෙටුවා. චන්ද්‍රා අක්කා කෑ... ගැහුවා. නෙට් එක ඇතුලට අත දාල මම චන්ද්‍රා අක්කාගේ කට වහන ගමන් තවත් පාරවල් 2-3ක් කොටාගෙන කොටා ගෙන ගියා. එත කොටම පොඩි දුව ඇහැරිලා අම්මී ... අම්මී කියලා කෑ.. ගැහුවා. මාව අදුර ගනියි කියලා හිතලා දරුවාටත් කෙටුවා ඉන් පස්සේ.  බයටයි ආවේගෙටයි කොටාගෙන කොටාගෙන ගියා. කුස්සිය පැත්තේ දොරේ සොයිබෙ ඇර ගෙන මම එලියට ගියා. ඇග පුරාම ලේ ගෑවිලා. මම යන්ඩ හදනකොට මතක් උනා බිත්තිය උඩින් පනින්ඩ ගත්ත ප්ලාස්ටික් පුටුව තිබ්බා තැනින් තියන්ඩ ඕන කියාලා. ඒක තිබ්බ තැනිනි තියලා කොන්ක්‍රිට් පාර පැනලා වැව පැත්තට දිව්වා. කුඹුරු යාය දිගේ වැව පැත්තට ගිහින් කරවටක්  ගැඹුරට වැවේ බැහැලා  ඇදුම්වල ගෑවිලා තිබුන ලේ හෝද ගත්තා.  වැවේ ගඩොල් කපන මඩ වලක පිහිය හැංගුවා. ගෙදර ගිහින් රෙදි ටික වැලේ වනලා බිරිදට කතා කරා. මම එයාට කිව්වා චන්ද්‍රා අක්කා මැරුවා කියලා. බිරිද ඒක පිලි ගත්තේම නෑ. මම නිදා ගත්තා. මට නින්ද යන්නේම නෑ. එතකොට රෑ 1.30ට විතර ඇති.  චන්ද්‍රා අක්කා  කෑගහපු හැටි දගලපු හැටි පේන්ඩ ගත්තා. උදේ පාන්දර  බස් එක පාරට යන සද්දෙට මම ඇහිරිලා වැඩට යන්ඩ ලැස්ති උනා. 6.30 ට විතර මම ත්‍රිවිල් එකෙන් වැඩට ගියා. යන කොට ආරාමයේ මෙහෙනින්වහන්සේ ත්‍රිවිල් එකට අත දාලා 51 කණුවට එක්ක යන්ඩ කිව්වා. මම මේ ලගට වන්නේ කියලා මෑනියෝ නග්ග ගත්තේ නෑ. කොහුමෝලේ අක්කා පුදුම වෙලා ඇහුවා අද මොකද උදේම වැඩට ආවේ කියලා. ෆෝන් එකේ බැට්රි බැහැලා තිබුනේ. එහෙම ඉන්නකොට ගෙදර නෝනා මට කථා කරා .. මොකද මනුස්සයෝ මේ වගේ තිරිසන් වැඩක් කරේ අපි ගැන හිතුවද කියලා බැනගෙන බැනගෙන ගියා හොදටෝම. එතකොට ගමටම මිනිමැරුම ගැන ආන්චිවෙලා තිබ්බෙ. ෆෝන් එක ඕෆ් උනා. කොහු මෝලේම ෆෝන් එක චාර්ජ් වෙන්ඩ ගහලා තියෙද්දී ගමේ අයියා කෙනෙක් මට කොල් කරා ගමේ මෙන්න මෙහෙම මිනි මැරුමක් වෙලා තියෙනවා ගිහින් බලන්ඩ කියලා. මම කොහු මෝලේ අක්කාටත් සිද්දිය කියලා ගෙදර ගියා. ඒ යන කොට චන්ද්‍රා අක්කාලාගේ ගේ ගාව මුලු ගමම එකතුවෙලා හිටියා. පොලිසියෙන් ඇවිත් ගේ වට කරලා පටි වගයක් ගහලා තිබුනා. ඔන්න එතකොට පොලිසියෙන් පොලිස් බල්ලා ගෙනාවා. මට බය හිතුනා පොලිස් බල්ලාට මාව කොටු වෙයි කියලා. මම හිමිහිට ෆෝන් එක කනේ ගහගෙන අම්මලාගේ ගෙවල් පැත්තට ගියා. පොලිසිය ගියාට පස්සේ තමයි මම ආපහු චන්ද්‍රා අක්කා ගේ පැත්තට ගියේ. පස්සේ මම එතෙන්ඩ බුලත් පුවක් එහෙම ගෙනත් දුන්නා මිනිස්සුන්ඩ කන්ඩ.

මල ගෙදර ඉවර වෙන කොටම මගේ බිරිද තරහා වෙලා එයාගේ ගෙදරට ගියා. ගමේ මිනිස්සු ඇහුවා කෝ කියලා .මම කිව්වා නත්ල් ලග හින්දා ගමේ ගියා කියලා.
හත් දවසේ දානේ දුන්නායින් පස්සේ පොලිසියේ චතුරංග මහත්තයා මට නිතර නිතර පොලිසියට එන්ඩ කියලා කෝල් කරන්ඩ ගත්තා.  මම ගොඩක් බය හිතුනා වැඩේ අහුවෙලා තමයි කථා කරන්නේ කියලා. එකයි ත්‍රිවිල් එකත් විකුණලා ඉක්මනට ගමෙන් ගියේ. මම බිරිදගේ නිවසේ ඉන්න ගමන් එහේ කොහු මෝලක වැඩට ගියා. බයෙන් බයෙන් තමයි හිටියේ කවදා හෝ පොලිසියෙන් හොයාගෙන එයි කියලා.  අපේ අක්කත් ඒ කාලෙම රට ගියා. එහෙම ඉන්න කොට අපේ අම්මා අපි හිටපු දිහාවේ අපු වෙලාවක චන්ද්‍රා අක්කාලා මැරුවේ මම කියලා මගේ බිරිද කියලා. අම්මා ඊට පස්සේ මගෙන් ඇහුවා ඇත්තද කියාල. මම අම්මාට ඇත්ත කිව්වා. එහෙම ටික කාලයක් ඉන්නකොට තමයි පොලිසියෙන් ඇවිත් මාම අල්ල ගත්තේ“  කියා මිනිමැරුම සිදු කල ආකාරය සම්බන්දයෙන් සංජිව පාපොච්චාරනය ඒ ආකාරයෙන් පොලිසිය හමුවේ සිදු කලේය.
 මරණ කාරිය සමග නිතර රංඩු සරුවල් කිරිම සම්බන්දයෙන් සංජිවගේ පවුලේ සැම වෙත පොලිසියේ සැකය යොමු වී තිබු අතර හමුදාවෙන් පැනසිටි අයෙක් වීමත්, පොලිසියට පැමිනෙන ලෙස දැන්වු සෑම අවස්ථාවකදීම එය මග හැර ඵලා යෑමත්, පදිංචිය වෙනස් කිරිමත් හේතුවෙන් සංජිව සම්බන්දයෙන් පොලිසියේ උකුසු ඇස යොමු වී තිබු අතර මහියංගන පොලිස් නිළධාරින්ගේ දක්ෂතාවය මහත් කැප කිරිම් හේතුවෙන් අභිරහස් මිනිමරුමක් හෙලිකර ගනිමින් මිනි මරුවා නීතිය හමුවට ගෙන ඒමට හැකි විය.


ඌව පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ, බදුල්ල දිශාභාර නියෝජ්‍ය පොලිස්පති සරත් කුමාර, බදුල්ල  කොට්ඨාශ බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ගලප්පත්ති, මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා නොවිසිදුන අපරාධ හා නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා  යන නිලධිරිහු පරික්ෂණ පැවැත් වුහ. උ.පො.ප. අශෝක, පො.සැ. 2236 විමලසිරි, පො.කො. 38588 සම්පත්, 71610 දනුක, 28534 දියානායක, 75337 සදලාල් යන පොලිස් නිළධාරිහුද මෙම ද්විත්ව මිනිමැරුම  සම්බන්දයෙන් මිනිමරුවා අල්ලා ගැනීම සදහා මහත් වෙහෙසක් දැරූ නිළධාරින් වේ.

No comments:

Post a Comment