Wednesday, April 20, 2016

රිදිමාලියද්දේ පහල ඔයගම නාදුනන මල සිරුරක්

4/20/2016 1:41 PM
රිදිමාල්යද්ද, පහලඔයගම, ගොඩමඩ පිටියේ තිබී දිනන ගනනාවක් පැරණි හදුනාගත නොහැ මට්ටමට නරක් වු නාදුනන මළ සිරුරක් ගම්වාසින් විසින් සොයා ගෙන ඇත. ඒ සම්බන්දයෙන් ගම්වාසින් විසින් මහියංගන පොලිසිය දැනුවත් කිරිමෙන් පසු මේ වන විට පොලිස් පරික්ෂණ ආරම්භකල බව මහියංගන පොලිසිය කියයි.
රිදිමාලියද්ද ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ පහලඔයගම ග්‍රාමසේවා වසමේ, ගොඩමඩපිටිය ප්‍ර දේශයේ තිබි මෙම මල සිරුර අද (20) ගම්වාසින් හට හමු වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ කව්රුන්ද යන්න හදුනාගෙන නොමැති අතර මියයෑමට හේතුව කුමක්ද යන්න අනාවරණය වී නොමැත. මහේත්ත්‍රාත් පරික්ෂණ හා මරණ පරික්ෂණ සිදු කිරිමට නියමිතව තිබේ.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු නිලධාරිහු පරික්ෂණ පවත්වති.


No comments:

Post a Comment