Saturday, April 23, 2016

නිති විරෝධි මත්පැන් වැටලීමට ගිය පොලිස් නිළධාරියාගේ කණ සපා කා සැකකරු ඵලා ගිහින් - පොලිස් නිළධාරිවරයා රෝහලේ


4/23/2016 2:20 PM

නිතිවිරෝධි මත්පැන් ජාවාරම් කරුවෙකු හා ස්ථානයක් වැටලීම සදහා මහියංගන පොලිසියේ දුෂණ මර්ධන හා නඩු මෙහෙයුම් අංශයේ පොලිස් නිළධාරින් කණ්ඩායමක් ඊයේ (22) රාත්‍රි 8.00 පමණ  මහියංගන 48 කණුව සේරාන ප්‍ර දේශයේ වැටලීමක් සිදු කිරිමේදී නිතිවිරෝධි මත්පැන් ජාවාරම් කරු පොලිස් නිළධාරින් විසින් අත් අඩංගුවට ගැනිමෙන් පසු පොලිස් රථයේ සිටියදී නිළධාරිවරයෙකුගේ වම් කණ සපා කා සැකකරු ඵලා ගොස් ඇත.
 
වම් කණ සිරුරෙන් වෙන්වන සේ සපාකෑම හේතුවෙන් තුවාල ලැබු පොලිස් නිළධාරිවරයා ප්‍රතිකාර සදහා මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කරනු ලැබ ඇත. මේ වන විය නිළධාරිවරයා මහියංගන රෝහලේ 08 වාට්ටුවේ නේවාසික ප්‍රතිකාර ලබයි. සිරුරෙන් වෙන්ව ගිය කණ ශල්‍යකර්මයක් මගින් සිරුරට බද්ධ කර ඇති අතර ශල්‍ය කර්මයේ සාර්ථක භාවය තිරණය කිරිමට දින කිහිපයක් ගතවනු ඇතිබ වෛද්‍ය වරුන්ගේ අදහස වී ඇත.
 ඵලා ගිය සැක කරු සොයා පොලිස් මෙහෙයුම් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා ඇතුලු පොලිස් නිළධාරින් විසින් සිදු කෙරේ. 



No comments:

Post a Comment