Monday, April 25, 2016

දෙවන පාසැල් වාරයේ සිට පළමු ශ්‍රේනිය සදහා පාසැල් යෑමට පැමිණි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක

 දෙවන පාසැල් වාරයේ සිට පළමු ශ්‍රේනිය සදහා පාසැල් යෑමට පැමිණි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක - ප්‍රාථමික අංශය නැවත ලබාදෙන ලෙස ඉල්ලා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් පාසැල ඉදිරිපිට අඛන්ඩ සත්‍යග්‍රහයක
2016-04-25 පෙ.ව. 10:24
“ අපේ ලගම පාසැලට අපිට යන්න ඉඩ දෙන්න“ යැයි ඉල්ලමින් පළමු ශ්‍රේණිය අහිමි දරුවන් පිරිසක් මහියංගන ඔරුබැදිවැව ද්විතික පාසැල ඉදිරිපිට අද (25) උදැසන 7.00 පමණ අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.
මහියංගන අධ්‍යාපන කලාපයේ බ/ඔරුබැදිවැව ද්විතික පාසලේ ඉවත් කර තිබු ප්‍රාථමිකය නැවත ලබා දෙන ලෙස ඉල්ලා එම විදුහල ඉදිරිපිට මව්පියන් හා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් මෙලෙස අඛන්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කලේය.
මවිපියන් චෝදනා කරන්නේ, දෙමාපායන්ගේ ඉල්ලීම් සැලකිලට ගනිමින් ඌව පළාත් මහ ඇමති වරයා ලිඛිතව නැවත් පාසලේ ප්‍රාථමික අංශය ආරම්භ කිරිමට අවසරය ලබාදී තිබියදී, පසුව මහ ඇමති වරයා විසින්ම ප්‍ර දේශයේ වෙනත් පාසැලක පැවති උත්සවයකදී වාචිකව (එපා යැයි) සිදු කල ප්‍රකාශයක්හේතුවෙන් මහියංගන අධ්‍යාපන කලාපයේ නිළධාරින් ප්‍රාථමිකය ආරම්භකිරිම ප්‍රමාද කරනා බවටයි.
එසේ තිබියදි නැවතත් දෙමාපියන් ගේ බලවත් ඉලිම මත අද (25) දින සිට එනම් දෙවන පාසැල් වාරයේ සිට ඔරුවැදිවැව ද්විතික පාසැලේ ප්‍රාථමිකය ආරම්භ කරනා බවට වු අධ්‍යාපන බලධාරින් හා නිළධාරින් පසුගිය දා පොරොන්දු ලබාදුන්නේය. ඒ අනුව දෙමාපියන් දරුවන් පාසැලට ඇතුලත් කර ගැනිම සදහා රැගෙන ආ අතර විදුහල් පතිවරයා මහියංගන අධ්‍යාපන ඉහල නිළධාරින්ගෙන් ‍ඒ සදහා තවමත් අනුමැතිය නොලැබී නොමැති බව පවසමින් පළමු ශ්‍රේණායේ පන්ති ආරම්භකිරිමට නොහැකි බව ප්‍රකාශ කර ඇත. ඒ අනුව දරුවන් හා දෙමාපියන් මෙම අඛන්ඩ සත්‍යග්‍රහය ආරම්භ කලේය. අද දින පැසැල් යෑමට පැමිණි දරු දැරියන් පාසැලේ අයියලා අක්කලා පාසැල ඇතුලත පන්සිල් සමාදන් වන විට, පාසැලෙන් පිටත හිදිමින් පාසැල ඉදිරිපිට මාර්ගයේ පන්සිල් සමාදන් වුහ. සිරුවෙන් සිටිමින් ජාතික ගිතයට ගෞරව කලේය. පසුව දෙමාපියන් විසින් සැකසු මඩුවෙහි සිටිමින් ගිත ගායනා කලේය. ආහාර පාන අනුභව කලේය.
පසුගිය 2016-03-24 මෙම පාසැල ඉදිරි පිට දෙමාපියන් හා පළමු ශ්‍රේණිය අහිමි දරුවන් අම්පාර මහියංගන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක නිරත වු අතර විරෝධතාවයට ආදිවාසි නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන්ද සහය ඵල කිරිම සදහා පැමිණ මාධ්‍ය වෙනුවෙන් අදහස්ද ඵල කර සිටියේ දෙමාපියන්ගේ ඉල්ලිම සාධාරන බවත් බළධාරින්ගේ අවධානය යොමුකර පාසැලේ ප්‍රාථමිකය නැවත ආරම්භ කර දෙන ලෙසයි.
ඔරුබැදිවැව ද්විතික පාසැලේ විදුහල්පති ගාමිණි අමරසිංහ මහතාගෙන් මෙම ගැටලුව සම්බන්දයෙන් විමසු විට මාධ්‍ය වෙනුවෙන් අදහස් දැක්වීමට තමන් හට බලතල නොමැති බව ප්‍රකාශ කරමින් අදහස් දැක්වීමෙන් වැලකී සිටියෙය්.
සත්‍යග්‍රහය අකන්ඩව මේ වන විටත් පවතී.








No comments:

Post a Comment