Monday, April 4, 2016

මව සහ දියනිය නිදියහනේ ඝාතනය මිනි මරුවා පොලිසියට කොටුවෙයි - වසර දෙකකට පසු අභිරහස හෙලිවෙයි

 2016-04-04 ප.ව. 9:39
මහියංගන අරාවත්ත ප්‍ර දේශයේ මවක් සහ වයස අවුරුදු 06ක කුඩා දියනියක් නිදියහනේදිම 2014-12-18 රාත්‍රියේදි ඝාතනය කරනු ලැබුවා. එදින රාත්‍රිෙය් නිවසේ නොසිටිම හේතුවෙන් වැඩිමහල් දියණියකගේ (වයස 08) දිවි බේරුනේය. වසර දෙකකට ආසන්න කාලයක් මෙම මිනිමැරුමේ අභිරහස සැගව තිබියදී මිනිමැරුම සිදුකල පාපතරයා පොලිසියේ උකුසු ඇස්වලින් බේරි සිටිමට සමත් විය. අපරාධයක් සිදුකර කිසිවෙකුහට සැගව සිටිමට කිසිදාක නොහැකිය යන්න සනාත කරමින් මෙම ද්විත්ව ඝාතනය සිදු කල පාපතර මිනි මරුවා පසුගිය 02 වන දින මහියංගන පොලිසියේ උකුසු ඇසෙන් සැගවී සිටිමට නොහැකි විය.
එදා මෙලෙස ඝාතනය කරනු ලැබුවේ 205/2, තරුණ ව්‍යාපාරය, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි බටගල්ලේ ගෙදර චන්ද්‍රා කුමාරි නම් වන වයස 31ක තරුණ මවක් හා කේ ජි හිමාශා කාවින්දි නම් වන වයස අවුරුදු 06ක කුඩා දියනියකි. නිවසේ නිදියහනේ නිදා සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති අතර තියුණු කැපුම් ආයුදයකින් ගෙල ප්‍ර දේශයට එල්ල කරනලද ප්‍රහාරයන් මගින් මෙම ඝාතනය සිදු කර ඇත. ඝාතනය සිදු කරන විට මෙම දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර වැඩිමහල් දියනිය සිය මිත්තනියගේ නිවසට සන්ධ්‍යාවේ ගොස් නැවත නොපැමිණිම හේතුවෙන් ඇයගේ දිවි බේරුනි. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ කේ ජි බුද්ධිකා ප්‍රියදර්ශනි නම් වයස 08ක දැරියකි.අසල් වාසි නිවසක කාන්තාවක් විසින් උදැසන මෙම නිවසට ගොස් ඇති අතර නිවසේ කිසිවකු ගේ ප්‍රතිචාරයන් නොමැති කමින් තවමත් නිවසියන් නිදියමින් සිටින්නේ කුමකටද යන්න පිළිබද සොයාබැලිමේදි ඔහුන් නිදියහනේදිම ඝාතනය කර ඇති බව දැක මහියංගන පොලිස් ස්ථානය වෙත සිද්ධිය සම්බන්දයෙන් දැනුවත් කර ඇති අතර ඉන්පසුව මෙම මිනිමරුම සම්බන්දයෙන් පොලිස් පරික්ෂණ ආරම්භ කෙරිනි.මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස් නිළධාරින් හා අපරාධ අංශයේ ස්ථානාධිපති එස් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කලහ.
මිනිමැරුම සිදු වු රාත්‍රිෙය් වර්ෂාව අධිකව පැවතුන රාත්‍රියක් වු අතර මිනි මරුවා කිසිදු සාක්ෂියක් නොතබා ඉතා සුක්ෂම ලෙස මෙම මිනිමරුම් ද්විත්වයම සිදු කර ඇති අතර එම හේතුවෙන් මිනි මරුවා සොයාගැනිම පොලිසියට දැඩි අසිරු විය. වසරක් ගෙවී ගියේය. දෙවන වසර ගෙවීමට ආසන්නව තිබියදී මහියංගන පොලිසියේ උකුසු ඇසින් බේරිමට මිනි මරුවාට නොහැකි විය.
ඝාතනයට ලක්වු කාන්තාවගේ සැමියා ඔහුන්ගේ නිවස අසල කාන්තාවක් සමග අනියම් ප්‍රේම සම්බන්දතාවයක් පවත්වා ඇති අතර මෙම අනියම් ඇසුරට පාර්ශව දෙකෙන්ම විරෝධතාවයන් එකල එල්ල වී තිබුනද ඔහුන්ගේ අභිරුචිය පරිදි ඇසුර පවත්වාගෙන ගොස් ඇති අතර සැමියා කොළඹ ප්‍ර දේශයේ රැකියාවේ නිරතව සිට ඇත. අනියම් කාන්තාවද කොළඹ ප්‍ර දේශයේ රැකියාවක් සදහා ගෙන්වා ගනිමින් ඔහුන් එකට ජිවත්ව සිට ඇත.
අනියම් කාන්තාවගේ සහෝදයා යුදහමුදාවෙන් පැන ආ පුද්ගලකි. ඔහු විසින් මෙම ද්විත්ව ඝාතනය සිදු කල බවට මහියංගන පොලිසිය විසින් සිදු කල දීර්ඝ කාලින විමර්ශණයේදි අනාවරනය කර ගත් අතර ඔහු මේ වන විට ප්‍ර දේශය හැර ගොස් ඒකල ප්‍ර දේශයේ ජිවත්ව ඇත. මහියංගන පොලිසියේ දැනුම් දිමකට අනුව පෑලියගොඩ පොලිසිය විසින් මෙහු පසුගිය දා අත් අඩංගුවට පත් විය.
ඔහුගෙන් සිදු කල ප්‍රශ්න කිරිම් හමුවේ ඔහු මෙම ඝාතන සිදු කල ආකාරය පොලිසිය හමුවේ පාපොච්චාරනය කර ඇති අතර රාත්‍රිෙය් අදාල නිවසේ කුස්සියේ සිදුරකින් ඇතුලු වී කුස්සියේ වු මන්න පිහියකින් කාන්තාව ප්‍රථමයෙන්ම ඝාතනයකර ඇති අතර ඇය සමග නිදාසිටි කුඩා දියනියද කෑගැසීම හේතුවෙන් අවදි වීම නිසා දෙවනුව ඇයද ඝාතනය සිදු කර, මහවැලි ගගට ගොස් ස්නානය කර නිවසට ඔහුගේ නිවසට පැමින තිබේ. පසුවදා පොසියට සැක නොසිතන සේ අවමංගල්‍යට උදවු උපකාර කරමින්, ධාන පිංකම් සැමටද උදව් උපකාර කල බව පාපොච්චාරනය කර ඇත.
මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා අපරාධ අංශයේ ස්ථානාධිපති එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා යන නිලධිරිහු පරික්ෂණ පවත්වති.








No comments:

Post a Comment