Friday, April 8, 2016

කොලු රංචුවක් දැරියක් දුෂණය කරයි

10:29 PM 4/8/2016
නිවසින් බැහැරව ගිය තම දියනිය නිවසට නොපැමිනියේයැයි පියෙකු විසින් හසලක පොලිසියේ සිදු කල පැමිනිල්ලකට අනුව ක්‍රියාත්මක වු මහිංයගන පොලිස් නිළධාරින් දම්බරාව ප්‍ර දේශයේදි තරුණයින් 5 දෙනෙකු ඊයේ (07) සවස අත්අඩංගුවට ගත්තේය. දෙදෙනෙකු පැන ගොස් ඇත.අත් අඩංගුවට ගත් තරුණයන් 5 දෙනා මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු  මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් ලබන 20 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කරනු ලැබීය.14 හැවිරිදි දැරිය පරික්ෂණ සදහා රෝහල් ගත කරනු ලැබීය.

මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර  මහතා හා නොවිසිදුන අපරාධ අංශයේ ස්ථානාධිපති හා නඩු මෙහෙයුම් එම් බි ජි ජි සුදේශ් චතුරංග මහතා යන නිලධිරිහු පරික්ෂණ පවත්වති.

No comments:

Post a Comment