Saturday, October 22, 2016

හිටපු Facebook උප සභාපතිගෙන් රුධිර පෙරනයන්ත්‍ර 05ක් මහියංගන රෝහලට

22/10/2016 18:16

මහවැලි සීකලාපයේ හා මහියංගන අවට ගම්මාන රැසක මේ වන විට දිනෙන් දින  උග්‍ර ගැටලුවක්ව ඉහල යමින් පවතින වකුගඩු රෝගය සදහා ඊට සමගාමීව ප්‍රදේශයේ රෝහල් වල සහසුකම් සංවර්ධනය සිග්‍රෙයන් සිදු නොවීමත් ඒ සදහා ව්‍යාපාරික ප්‍රජාවගේ සහයෙන් රෝහල් වල වකුගඩු ඒකක සංවර්ධනය වන අවස්ථාවන්ද ඇත්තේ නැතුවා නොවේ.

එලෙස අද (21) දින ලෝකෙම ප්‍රසිද්ධ අපේ රටේ මෘදුකාංග ඉංජිනේරුවෙක් හා ෆේස්බුක් හි හිටපු උප සභාපතිවරයෙක් මෙන්ම Silicon Valley ආයෝජකයෙක් මෙන්ම ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 10ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 05ක් මහියංගන රෝහලට ලැබුනා. මහියංගන මුලික රෝහල දිස්ත්‍රික්ක 05ක් සදහා සේවාව සපයන රෝහලකි.

වරස දෙකකට ඉහතදී වකුගඩු රෝගයකින් ජිවිතයෙන් සමුගත් “ගමගේ පලිහපිටිය“ පියාණන් හට පිං පිණිස ඇමරිකාවේ ප්‍රකට ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතාගේ පරිත්‍යාගයෙන් රුපියල් මිලියන 10ක් වටිනා රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 05ක් මහියංගන මුලික රෝහලේ වකුගඩු ඒකකයට පරිත්‍යාග කිරිම අද (21) උදැසන මහියංගන මුලික රෝහලේ  වකුගඩු ඒකකයේදී සිදු කෙරිනි.

ප්‍රකට ව්‍යාපාරික චමත් පලිහපිටිය මහතාගේ මෑණියන් වන ශ්‍රිමා පලිහපිටිය මහත්මියගේ සුරතින් අද උදැසන මෙම යන්ත්‍ර මහියංගන රෝහලේ  වෛද්‍ය අධිකාරි  ඒ එම් එස් බණ්ඩාර මහතා හට නිළවශයෙන් බාරදීම සිදු කරන ලදී. ඌව බින්තැන්න දෙපළාතේ ප්‍රධාන සංඝනායක ගිරාදුරුකෝට්ටේ බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති නාපටවල ධම්මානන්දාභිධාන නාහිමියන් ප්‍රධාන මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මැද එම යන්ත්‍ර ක්‍රියාත් මක කරනු ලැබීය. ශ්‍රිමා පලිහපිටිය මහත්මියගේ සුරතින් වකුගඩු රෝගින් සදහා වියලි ආහාර සලාකද එහිදී බෙදා දෙනු ලැබීය.
මහියංගන මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි  ඒ එම් එස් බණ්ඩාර මහතා “මේ වන විට වකුගඩු ඒකකයේ රුධිර කාන්දු පෙරන යන්ත්‍ර 10 ක් ඇති බවත් ඒ හේතුවෙන් විශාල මුදලක් වියදම් කර මහනුවර, බදුල්ල, පොලොන්නරුව දක්වා ගමන් කල වකුගඩු රෝගි විශාල පිරිසකට සෙත සැලසෙනවා“ යන්න ප්‍රකාශ කර සිටියේය.
මහියංගන මුලික රෝහලේ කායික රෝග විශේෂඥ කේමින්ද තිලක රත්න මහතාගේ මග පෙන්වීමෙන් එංගලන්තයේ පදිංචි වෛද්‍ය සුසිල් අතලේ මහතා හා එම මැතිණියගේ සහ උපුල් අනුරාධ මතගේ සම්බන්ධිකරණයෙන් මෙම පරිත්‍යාගය සිදු කරන ලදී. නියෝජ්‍ය සෞඛ සේවා අධ්‍යක්ෂක ජනරාල් (මහජන සෞඛ සේවා) වෛද්‍ය  සරත් අමුණුගම මහතාද සමස්ත ලංකා වකුගඩු රෝගින්ගේ සංඝමයේ නිළධාරින් හා සාමාජික සාමාජිකාවන් පිරිසක්ද මෙම අවස්ථාව සදහා සභාගි වි සිටියේය.
----------------------------------------------
චමත් පලිහපිටිය – හිටපු Facebook උපසභාපති /  Social+Capital ආයතනයේ නිර්මාතෘ
චමත් පලිහපිටිය ගැන ලංකාවෙ අපිට යාන්තමින් හරි අහන්න ලැබුණෙ පසුගිය දවස්වල කරළියට පැමිණි ගූගල් ලූන් ව්‍යාපෘතියත් එක්කයි. අපිට හුරුපුරුදු නමක් නොවුනට අධි තාක්ෂණික ලෝකයේ ඉහලින්ම කතාවෙන නමක් තමයි මේ චමත් පලිහපිටිය කියන්නෙ.
ලංකාවෙ උපත ලබල තියන චමත් වයස අවුරුදු 6දී කැනඩාවට සංක්‍රමණය වී තිබෙනවා. වැඩිදුර අධ්‍යාපනයෙන් අණතුරුව ලෝ ප්‍රකට AOL ආයතනයේ සේවය කරන චමත් පසුව අලුතින් ආරම්භ කරන ලද Facebook ආයතනයට සම්බන්ධ වී තිබෙනවා. ෆේස්බුක් භාවිත කරන්නන් වර්ධනය කිරීමේ කාර්යයට අතගසන චමත් පලිහපිටිය පසු කලෙක එම ආයතනයේ උප සභාපතිධූරයක්ද දරමින් Facebook ආයතනයේ ඉහලම පුද්ගලයෙක් බවට පත්වෙනවා.
2011 වසරේදී අරඹන ලද Social+Capital ආයතනයේ නිර්මාතෘවරයා සහ සභාපතිවරයා වශයෙන් චමත් මේවන විට සේවය කරනවා.














No comments:

Post a Comment