Monday, October 3, 2016

වේරගංතොට මහවැලි පාලම නිළධාරින්ගේ නිරික්ෂණයට

2016-10-03 ප.ව. 8:41
මහවැලි ගගේ සිදුවන නිරන්තර වැලි ජාවාරම් හේතුවෙන් මහියංගන වේරගංතොට මහවැලි පාලමට මතුව ඇති අවදානම් තත්වය සම්බන්දයෙන් පසුගිය සතිය පුරා මාධ්‍ය මගින් සිදු කල අනවරණයෙන් පසු අදාල නිළධාරින්ගේ නිරික්ෂණයට අද (03) සවස ලක් විය. මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරින්, භූවිද්‍යා හා පතල් කාර්යාංශ, මාර්ග සංවර්ධන අධිකාරියේ නිළධාරින් හා මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම්වරු හා හසලක පොලිස්ථානාධිපති එම නිරික්ෂණ චාරිකාව සහහා සහභාගි වි සිටියේය. ඉදිරියේදි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් විසින් පාලමේ තත්වය පරික්ෂාකර බැලිමෙන් අනතුරුව මෙම ගැටලුවට අදාල විෂය සම්බන්ද ආයතන රැස්ව සාමුහිකව මෙම ගැටලුය සදහා විසදුම් ලබාදෙන බව නිරික්ෂණයට පැමිණි නිළධාරියෙකු පැවසු අතර මෙම අවස්ථාව සදහා හසලක පොලිසියේදි ප්‍රා දේශිය මාධ්‍ය වේදියාහට තර්ජනය කල පිරිසද පැමිණ සිටියේය. භූවිද්‍යා පතල් කාර්යාංශයේ නිළධාරියෙකු පැවසුවේ මාධ්‍ය මගින් වැලි ජාවාරම් කරුවන් යැයි භාවිතා කිරිම වැරදි බවයි. එවිට මාධ්‍ය වේදියා විසින් “එසේනම් වැලි බලපත්‍රයට බලපත්‍ර කොන්දේසි ඇතුලත් කර ඇත්තේ කුමකටද? බලපත්‍ර කොන්දේසී නිරන්තර උල්ලංඝනය කරමින් සිදු කරනා වැලි කැණිම් ජාවාරම් නොවන්නේ කෙසේද? යැයි විමසු විට එයට උත්තර දිමෙන් වැලකි සිටියේය.















No comments:

Post a Comment