Tuesday, October 25, 2016

කොල්ල කෑ පල්ලේ වත්තේ දෙදෙනකු මහඋළු ගෙදරට

2016-10-25 ප.ව. 11:00

තරාදි වංචනිකව සකසා ගොවීන්ගේ අස්වැන්න කොල්ල කෑ හසලක පල්ලේ වත්තේ දෙදෙනකු ඊයේ(24) බදුල්ල මාහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් පී ඩබ්ලිව් එන් රුවන්දිකා මාරසිංහ මත්මිය විසින් එක් අයෙකුට රුපියල් 15000 බැගින්ද දෙදෙනා හට මාසයක් සිරදඩුවම් නියම කල අතර දඩමුදල් නොගෙවන්නේනම් මාස 06ක සිර දඩුවම් නියම කරන ලදී. කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් විසින් ඩි එම් එම් දිසානායක බර වෙනස් කරන ලද කිරුම් උපකරණ ලග තබාගැනිම චෝදනාව යටතේද ඩි ඩබ්ලිව් දිසානායක අයුතු ලෙස වෙනස් කරන ලද කිරුම් උපකරණ ලග තබාගැනීම යව චෝදනා යටතේ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලදී.
වී හා බඩ ඉරිගු අස්වනු ලබාගැනීම සදහා සුක්ෂම ලෙස තරාදි වෙනස් කිරීමේ ජාවාරමක් මිනිපේ පල්ලෙවත්ත හා හසලක යන ප්‍රදේශවලින් පැමිණෙන වෙළදුන් විසින් සිදු කරනු ලබන අතර බහුලව මෙම වෙනස්කරන ලද තරාදි භාවිතා කර වී හා බඩඉරිගු තොග වංචනික ලෙස ලබාගන්නා බවයි තොරතුරු අනාවරණය වුයේ.
විශේෂයෙන් මහියංගනයේ සිට බිබිල මොණරාගල , මිගහකිවුල කන්දකැටිය, දඹාන, පදියතලාව, ගිරාදුරුකෝට්ටේ, හෙබරව, ගින්නෝරුව, දිවුලපැලැස්ස හා මහවැලි සි කලාපයේ ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම ජාවාරම ක්‍රියාත්මක වන බවත් වි, බඩඉරිගු, කවුපි, මුං, තල හා ධාන්‍ය බෝග සදහා වැඩි වශයෙන් වංචාව සිදු කරන බවට පැමිණිළි හා තොරතුරු අණාවරණය වි ඇත.
ඒ අනුව කිරුම් මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ නිලධාරින් වෙනස්කරන ලද වංචනික තරාදි සොයා පසුගියදා විශේෂ මෙහෙයුමක් කන්දකැටිය ප්‍රදේශයේ සිදු කල අතර එහිදි මෙම චුදිතයන් වංචනික ආකරයෙන් සැකසු තරාදි අතැතිව තොටු කරගන්නට හැකි විය.
එය කිලෝ 30ට වැඩි බරක් කිරිමේදී කිලෝ 10ක අඩු අගයක් පෙන්වන අයුරින් සකසා තිබුනි.
ඒ අනුව පරික්ෂාකිරිමට ලක්වු වංචාකරුවෙකුගේ ලොරි රථයේ පටවා තිබු බඩ ඉඩ ඉරිගු තොගයේ කිලෝ 750ක් එදින වංචනික ආකාරයෙන් වැඩියෙන් කිරා ගොවියා හට වංචාකර තිබු මුදල රුපියල් 33000ක් බවට ගනන් බන්බැලින. ඒ ආකාරයෙන් දිනකට ගමන් වාර දෙකක් ‍ගමන් කරමින් ගොවියාට සිදු කරනා වංචාව සුලු පටු නොවේ. ඉදිරියේදි මෙවැනි වැටලිම් රැසක් සිදු කර අනෙකුත් වංචාකාරි කූඨ වෙළෙදුන් නිතියේ රැහැනට කොටු කර ගැනිම සදහා විශේෂ මෙහෙයුම් සුදානම් කර ඇති බවට මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක මහතා ප්‍රකාශ කර සිටියේය.
මිනුම් හා ප්‍රමිති දෙපාර්තමේන්තුවේ බදුල්ල ඒකකයේ කාර්ය භාර නිළධාරි ඩි දුලිත් අශෝක, මිනුම් සේවා පරික්ෂක කේ සි අමල් පෙරේරා විසින් මෙම තරාධි වංචනිකයන් අධිකරණය වෙත ඉදිරිපත් කලේය.

No comments:

Post a Comment