Wednesday, October 12, 2016

දහයියා ලොරියේ තේක්ක දැව කදන් 54ක් - වන නිළධාරින්ට කොටුවෙති

 20:23 12/10/2016
ඇකිරියන් කුඹුරේ සිට අකුරණ දක්වා දහයියා ප්‍රවාහනය කරන මුවාවෙන් තේක්ක ප්‍රහාහනය කල ලොරි රථයක් සැකකරුවන් දෙදෙනෙකු සමග මහියංගන අඩවි වන කාර්යාල නිළධාරින් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
මෙම අත් අඩංගුවය ගනු ලැබු ලොරි රථය මේ ආකාරයෙන් හොර දැව ප්‍රවාහනය කර අවස්ථා දෙකකදී මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබු ලොරි රථයක් බවට මේ වන විය තොරතුරු අනාවරණය කර ගැනිමය මහියංගන අඩවි වන කාර්යාල නිළධාරින් සමත්ව ඇති අතර ඒ පිළිබද තොරතුරු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.
ලොරිරථයේ රියදුරු හා සහයක මහියංගන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව 17 වන දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය නියෝග කරනු ලැබීය.
මහියංගන අඩවි වන කාර්යාලයේ අඩවි වන නිළධාරි එන් ටී පී කරුණාරත්න මහතාගේ උපදෙස් මත බීට්ටු වන නිළධාරි අසේල කුලරත්න මහතාගේ මෙහෙය වීමෙන් වන කේෂ්ත්‍ර සහකාර අබේසේකර,වගා කම්කරු චන්න රෝහිත, ධර්මරත්න, සුමතිපාල, ප්‍රියන්ත යන අය විසින් මෙම වැටලීම සිදුකරන ලදී.





No comments:

Post a Comment