Sunday, October 23, 2016

නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජලයෙන් ගම්වසීන්ට පීඩා

 10/23/2016 7:39 PM

මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව කොටසෙහි ගම්වාසීන් ඇගලුම් කම්හලේ අපවහන කානු පද්දතියේ අපවිත්‍ර ජලය හේතුවෙන් පීඩාවට පත්ව සිටින බවත් ප්‍ර දේශයම මහත් දුර්ඝන්දයෙන් වැසී ගොස් පරිසරය දුෂණය වී ඇති බවට ගම්වාසීන් පසුගිය වසර කිහිපයක් තිස්සේ මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත පැමිණිලි කර ඇත. විවිධ ආයතන වලට ලිඛිතව දන්වා ඇත.
ඇගලුම් කම්හලේ සිට ගම්මාන දෙකක් මැදින් (සොරබොර හා වගාව කොටසෙහි ) කිලෝමීටර් 02ක් පමණ ගොස් මෙම අප ජලය මහවැලි ගගට වැටේ. මහවැලි ගග වෙත මුදාහරින අපවිත්‍ර ජලය හේතුවෙන් මහවැලි ගග පරිහරණය කරන්නන් හට විශාල සෞඛ්‍ය ගැටලු රැසක්ද උද්ගත වී ඇති බවත් වැලි ගොඩ දැමීමෙන් ජිවිකාව ගෙන යන ගම්වාසීන් රැසක් චර්ම රෝග වලට ගොදුරුවී ඇති බවට ගම්වාසීන් චෝදන කරති.
මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව කොටසෙහි ගම්වාසීන් විශාල පිරිසක් කුඩා දුවා දරුවන් වසර 5කට අධික කාලයක් තිස්සේ ඇගලුම් කම්හලේ අපවහන කාණු පද්දතියේ දුර්ඝන්දයෙන් පිඩා විදිති. ගම්මානයේ ළිං කිහිපයක්ද මෙම අපවිත්‍ර ජලය කාන්දු වීමෙන් ප්‍ර යෝජනයට ගත නොහැකි තත්වයකට පත්ව ඇත.
---ඇගලුම් කම්හලට විරුද්දව නඩුව ----
මහියංගන නගරයේ මැලිබන් ඇගලුම් කම්හලේ අප ජල පිරිපහදු ඒකකය මගින් පරිසරය වෙත මුදා හරින අප ජලය හේතුවෙන් මහත් පීඩාවට පත්ව ඇති බවට ගම්වාසීන් විසින් සිදු කරනු ලැබු පැමිනිල්ලකට අනුව මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් විසින් ලබාගත් ජල සාම්පල (2016-04-04) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් පසු මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය එම ජල සාම්පල අධිකරණය මගින් රජයේ රස පරික්ෂක වෙත යවා වාර්ථාවක් ලබා ගන්නා ලෙසත්, සති 2ක් ඇතුලත අපවහන කාණු පද්දතිය පිරි සිදු කිරිමටත්, පරිසරයට මුදා හැරිමට සුදුසු තත්වයේ ගුණාත්මක ජලය මුදා හැරිම සදහා කඩිනමින් කටයුතු කරන ලෙස දැඩි අවවාද සහිතව නියොග කර ලැබීය. අධිකරණය එසේ නියෝග කර තිබියදී ගම්වාසීන් පත්ව ඇති ගැටලුවට මේවන තුරු ඇගලුම් ආයතනය විසදුමක් ලබාදීමට කටයුතු කර නොමැති අතර දින කිහිපයකට වරක් ක්ලෝරින් මිශ්‍රකර වතුර කානු පද්දතියට මුදා හරින බවට ගම්වාසින් චෝදනා කරති. ( ගද අඩු වීමට)
අධිකරණයේ නඩු පැවරුවද මේ වන තුරු ගම්වාසීන් පීඩාවට පත්වන මෙම ගැටලුවට විසදුම් ලබාදීමට ඇගලුම් කම්හල් හිමිකරුවන් ක්‍රියාකර නැත.
















No comments:

Post a Comment