Wednesday, October 26, 2016

ගැටලුව ඇත්තේ දිවාකාලයේ නොව රාත්‍රි කාලයට

10/25/2016 11:54 PM 

මහියංගන ප්‍රදේශයේ සොරබොර හා වගාව යන ගම්මානයන්හි ගම්වාසීන් විශාල පාරිසරික ගැටලුවකට මුහුන පා ඇත. රාත්‍රිය උදාවත්ම ගම්මානය පුරා පැතිර යන අධික දුර්ඝන්දය මීට හේතුව වී තිබේ. පසුගිය වසර 5කට අධික කාලයක් තිස්සේ තමන් මෙම ගැටලුවෙන් පීඩා විදින බවට ගම්වාසීන් චෝදනා කරති. වැසිකිලි අපද්‍රව්‍යද කාණු පද්දතියට මුදාහැරිම හේතුවෙන් මෙම පාරිසරික හා සෞඛ්‍ය ගැටලුට හේතුව බවත් කුඩා දරුවන් වයස්ගත පුද්ගලයන් මේ හේතුවෙන් මහත් පීඩාවට පත්ව සිටින බව ඔවුන් පවසති. ඉවතලන ජලය පිරිපහදුකර බැහැර කරන බවට කර්මාන්තශාලා බළධාරින් ප්‍රකාශ කලත් මෙවැනි අධික දුර්ඝන්දය සහිත පාරිසරික ගැටලුවක් ඇති ඌයේ කෙසේද යන්න විමතියට හේතුවී ඇති බවට ප්‍ර දේශවාසින් ප්‍රකාශ කර සිටි. මෙම ගැටලුව පිළිබද මහියංගන මහජන සෞඛ්‍ය පරික්ෂක මහතුන් වෙත අවස්ථා රැසකදී පැමිණිලි කල බවත් විවිධ ආයතන වලට ලිඛිතව දන්වා ඇති බවට ගම්වාසීන් පවසති. ගම්මානයේ ළිං කිහිපයක්ද මෙම අපවිත්‍ර ජලය කාන්දු වීමෙන් ප්‍ර යෝජනයට ගත නොහැකි තත්වයකට පත්ව ඇත. මේ සම්බන්දයෙන් මාධ්‍ය වාර්ථා ඵලවීමත් සමග වගකිවයුතු ආයතන හා මේ සම්බන්දයෙන් සොයාබැලිය යුතු රාජ්‍ය ආයතන දිවාකාලයේ පැමිණ පරික්ෂාකර බලා කිසිදු ගැටලුවක් නොමැති බවට පැවසීම ඉතා හාස්‍ය ජනක බව ගම්වාසීන් චෝදනා කරති. ගැටලුව ඇත්තේ දිවාකාලයේ නොව රාත්‍රි කාලයට බවත්, ඇගම්කම්හලේ පාලන අධිකාරිය විසින් දින කිහිපයකට වරක් දුර්ඝන්ධය අඩු කිරිම සදහා ක්ලෝරින් මිශ්‍රකර වතුර අධික ප්‍රමාණයක් කානු පද්දතියට මුදා හරින බවද මෙම අධික සාන්ද්‍ර ක්ලෝරින් ද මිනිස් පැවැත්මට විෂ සහිත බවට ගම්වාසින් චෝදනා කරති. ගම්වාසීන් පීඩාවට පත්වන මෙම ගැටලුවට විසදුම් ලබාදීමට ඇගලුම් කම්හල් හිමිකරුවන් ක්‍රියාකර නැතිබවත් රාත්‍රි කාලයට අධික දුර්ඝන්දයක් ගම්මානය පුරා පැතිර යන බවටත්, පරිසරයට හා ගම්වාසින්ගේ ජීවන පැවැත්මට බළපෑම් එල්ල කර ඇති මෙම ගැටලුව සම්බන්දයෙන් වගකිවයුතු නිළධාරින් වහා කඩිනමින් මැදිහත්ව විසදුම් ලබාදෙන ලෙස ඉල්ලා සිටී. මෙම චෝදනා සම්බන්දයෙන් ඇගලුම්කම්පලේ පාලන ප්‍රධානියා අවස්ථා කිහිපයකදී දුරකථනයෙන් සම්බන්දකර ගැනීමට උස්සාහ කලද වෑයම අසාර්ථක විය.




No comments:

Post a Comment