Wednesday, October 26, 2016

පොදු මගියට සලකන සැලකිල්ලක තරම

 2016-10-26 පෙ.ව. 10:28

බදුල්ල දිස්ත්‍රික්කයේ හොදම මෙන්ම ආදර්ශමත් බස් නැවතුම් පොල ලෙස හදුන්වා දී තිබූ මහියංගන ප්‍රධාන බස්නැවතුම් පොල මේ වන විට දැඩි ලෙසම අබලන්වී ඇති බැවින් සුළු වැස්සකදී පවා එය වතුර පිරෙන මඩ වලවල් වලින්යුක්ත වීමෙන් ගැටළු රැසකටම මුහුණ දීමට මගී ජනතාවට සිදුවී තිබේ. මෙම බස්නැවතුම් පොල ඉදිකර මේවන විට ගතව ඇත්තේ වසර දෙක හමාරක් වැනි සුළු කාලයකි.එසේම රාජ්‍ය මුදල් විශාල ප්‍රමාණයක්ද ඒ සදහා වැය කොට තිබේ. පෞගලික බස් හා ලංගම බස්රථ විශාල ප්‍රමාණයක් මෙම බස්නැවතුමේ ඒකාබද්ද කාලසටහනක් අනුව ධාවනය කරති.
ඛේදනීය තත්වය නම් මේ සබ්බන්දයෙන් වගකිවයුතු ආයතනයද තිබෙන්නේ අල්ලපු වැටේ වීමයි. බස්නැවතුමේ මාර්ග පද්දතිය මේ ආකාරයෙන් වසරකට ආසන්න කාලයක් විනාශ වෙමින් පැවතියද අල්ලපු වැටේ පිහිටි මාර්ග සංවර්ධන නිළධාරින් මේ සමන්දයෙන් මුනිවත රැකිම ලැජ්ජා සහගත බව ප්‍ර දේශවාසින්ගේ අදහස වී ඇත.
මහියංගනය යනු දෛනිකව දිවයිනේ සතර දිසාවටම මගීන් විශාල සංඛ්‍යාවක් එහා මෙහා යන එන ප්‍රධාන බස්නැවතුම් පොලකි. මහනුවර,කොළඹ,මොණරාගල,අම්පාර,පොළොන්නරුව,මාතලේ,බදුල්ලවැනි ප්‍රධාන නගර හරහා ගමන් බිමන් යන මගී ජනතාව මෙම බස්නැවතුම් පොල වෙත දිනපතා එක් රොක් වනු දැක ගත හැකිය.මේ වන විට වැසි සමය ආරම්භ වීඇති බැවින් එම භූමියේ තැනින් තැන හටගෙන ඇති වලවල් මඩ සහ අපිරිසිදු කුණු වතුරින් පිරීයාමෙන් මගී ජනතාවට මෙන් ම පාසැල් දරුවන්ටද විවිධ අසීරුතාවනට මුහුණ පෑමට සිදුව ඇත. නගර වාසීන් පවසන්නේ ප්‍රමිතියකින් තොරව ඉදිකිරීම් කටයුතු සිදුකිරීම නිසා සුලු කාලයකින්ම මෙවැනි ගැටළු ඇතිවූ බවයි.

No comments:

Post a Comment