Friday, October 7, 2016

මිනිපේ අමුනේ ප්‍රතිසංස්කරණ යටයුතු ඇරබේ.


2016-10-07 ප.ව. 11:20
මිණිපේ ගොවි ජනපදයේ කෘෂිකාර්මික කටයුතුවල නියැලෙන ගොවි ජනතාවට ජල පහසුකම් වැඩි දියුණු කිරිමේ අරමුණින් මිනිපේ වම් ඉවුරු ඇල ප්‍රතිසංස්කරණය කිරීම ජනාදිපති අතිගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊ යේ (06) වැඩ අරම්බ කිරිම සිදුවිය.
රුපියල් මිලියන 2,600 ක මුදලක් යොදවා ක්‍රියාත්මක කරන මෙම ව්‍යාපෘතිය සදහා ආසියනු සංවර්ධන බැංකුව මගින් ඩොලර් මිලියන 25ක ආධාර මුදලක් ලබාදී තිබේ. ඒ අනුව කි.මී. 74 ක දිගින් යුත් මිණිපේ ඇල ප්‍රතිසංස්කරණය කරනුයේ වසර තිහකට පමණ පසුව වීමද විශේෂත්වයකි.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරන ලද මහවැලි ජල සුරක්ෂිතතා ආයතනය මගින් මෙම ව්‍යාපෘතිය දියත් කරන අතර මේ යටතේ මිණිපේ වම් ඉවුරු වේල්ල මීටර් 3.5 කින් උස්කිරීමට නියමිතයි.
ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු මිණිපේ ගොවිජනපද ව්‍යාපාරයේ කෘෂිකාර්මික කටයුතු සදහා හිගයකින් තොරව කුඹුරු හෙක්ටයාර් 7,500 කට ජලය හා ගොවිජන් පවුල් 15,000 කට වැඩි සංඛ්‍යාවකට ප්‍රතිලාබ හිමිවේ.










No comments:

Post a Comment