Wednesday, October 19, 2016

බොරු පොරොන්දු දුන් ඇමතිට ජනපති ඉදිරියේ වෙච්ච දේ

2016-10-19 ප.ව. 2:07

“ඇමති බොරු පොරොන්දු දුන්නා“ ජනපතිතුමන් හට කාන්තාවක් අද(19) පානිය ජල ව්‍යපෘතියක් අවසානයේ පාපැමිණිලි කලා. ‍
නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජල යෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරුනා.
ජනහමුව අවසානයේ ජනපතිතුමන් ජනතාව අතරට ගිය අවස්ථාවේ කාන්තාවක් ඇගේ දුක ජනපතිතුමන් හමුවේ ඉදිරිපත් කරන විට ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයාද එම සමිපයට යාමත් සමග කාන්තාවක් එකවරම ඇමතිවරයා හට චෝදනා කළා. “ මෙයානම් ගෙවල් හදලා දෙනවා කියලා පොරොන්දු උනා. ඊට පස්සේ පැත්ත පළාතෙවත් ආවේ නෑ“ යැයි කාන්තාව චෝදනා කලේය. ජනාධිපතිතුමන් හා රැස්ව සිටි පිරිස උස් හඩින් හයියෙන් සිනාසුනේය. ලක්ෂ්මන් සෙනෙවිරත්න අමාත්‍යවරයා කරකියාගත දෙයක් නොමැතිව ලැජ්ජාවෙන් ඇබරි එම ස්ථානයෙන් මදකට ඉවත්ව ගියේය. ඉන් අනතුරුව ජනාධිපතිතුමන් “ ඇත්ත කියන්ඩ එපැයි“ යැයි පවසා එම ගැටලුව එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සංවිධායක උපාලි සේනාරත්න මහතා හට කථාකර එම ගැටලුව විසදන ලෙස බාර කරන ලදී.



No comments:

Post a Comment