Monday, October 10, 2016

සොරබොර වැවේ ගිලී බීමත් තරුණයෙකු මරුට

 10/10/2016 10:05 PM

බීමතින් සොරබොර වැවේ දිය නෑ වයස අවුරුදු 19ක පසුවන තරුණයෙකු ඊයේ (09) අතුරුදහන් වු අතර ඔහුගේ සිරුර අද (10) උදැසන ගම්වාසීන් විසින් සොයාගන්නා ලදී.
මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තිෂානි තේනබදු මහත්මිය විසින් ඊයේ දහවල් ඔරුවක නැගී ගොස් මහේස්ත්‍රාත් පරික්ෂණය සිදු කරන ලද අතර මරණ පරික්ෂණය සදහා තරුණයාගේ දේහය මහියංගන මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස නියෝග කරනු ලැබීය.
මෙලෙස මිය ගොස් ඇත්තේ මහියංගන, සොරබොර වැව පාරේ අංක 99 නිවසේ විසු වයස 19ක් වු කේ ජි අමිල සදරුවන් නැමැති තරුණයෙකි. ඔහු දරුවන් තිදෙනෙක් සිටිනා පවුලක දෙවැන්නා වේ.
ඔහු යහලුවන් පස් සෙනෙකු සමග ඊයේ දහවල් සොරබොර වැවට ගොස් මත්පැන් පානය කර දියනෑමට යාමේදී මෙම අනතුර සිදුව ඇත.
මෙම සිද්ධිය සම්බන්දයෙන් මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතගේ උපදෙස් මත මහියංගන පොලිස්ථානාධිපති තිස්ස කුමාර මහතා ඇතුලු පොලිස් නිළධාරින් පරික්ෂණ පවත්වති.



No comments:

Post a Comment