Wednesday, October 19, 2016

මහියංගන රිදිමාලියද්ද ජලයෝජනා ක්‍රමය ජනපතිතුමන්ගේ සුරතින් ජනතා අයිතියට - ප්‍රතිලාභින් ගනන 50000ක් දඹාන ආදිවාසී ගම්මානයටත් නළ මගින් පානීය ජලය

2016-10-19 ප.ව. 9:53

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සැදි සමගි සන්ධාන රජයේ සැමට පිරිසිදු පානිය ජලය ලබාදීමේ සංකල්පය සාක්ෂාක් කරවීම පිණිස නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍යංශයේ ජාතික ජලසම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය ක්‍රියාවට නැංවු “ මහියංගන හා රිදිමාලියද්ද පානීය ජලයෝජනා ක්‍රමය“ නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය අල්හාජ් රවුෆ හකිම් මහතාගේ හා නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මියගේ ආරාධනයෙන් අද (19) දින උදැසන 9.00ට අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැති තුමන්ගේ සුරතින් ජනතා අයිතියට පත් කෙරේ. එය මහියංගන හා රිදිමාලියද්ද ප්‍රදේශවල පවතින නිරන්තර ජල ගැටලුවට විසදුමක් දෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා පාර්ලිමේන්තුවේදී කරන ලද ඉල්ලීමකට අනුව ආරම්භ කරනු ලැබුකි.

මෙම ජලව්‍යපෘතිය මගින් මහියංගන හා රිදිමාලියද්ද ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශ 31ක 50000කට සෙත සැලසේ.

නගර සැලසුම් හා ජලසම්පාදන අමාත්‍ය අල්හාජ් රවුෆ හකිම් මහතා සබාව අමතමින් “ දඹාන ආදිවාසී නායක ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් විශේෂ ඉල්ලීමක් කලා මගෙන් ආදිවාසි ගම්මානයටත් මේ ජල ව්‍යාපෘතිය මගින් වතුර ලබා දෙන්න කියලා. සතුටින් මම කියනවා නායකතුමන්ගේ ඉල්ලීම අපි ඉටු කරන බවට මෙහිදී පොරොන්දු වෙනවා. ඒ වතරක් නෙවෙයි දෙහිඅත්තකන්ඩිය ප්‍ර දේශයේ ආදිවාසී ගම්මාන වලටද විශේෂ ව්‍යාපෘති ඇති කරලා නල මාර්ගයෙන් පානීය ජලය ලබාදෙන්න කටයුතු කරන බවට මම මෙහිදි පොරොන්දු වෙනවා“ යැයි අමාත්‍ය වරයා ජනහමුවේදී ප්‍රකාෂ කර සිටියේය.


අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න මහතා සබාව අමතමින් “ අතිගරු ජනාධිපතිතුමනි, ඔබතුමාගේ පොලොන්නරුව ප්‍ර දේශයේ වගේම අනුරාධපුර හා මේ මහියංගන ප්‍ර දේශ ගත්තොත් පානිය ජලය හේතුවෙන් අපමන දුක් ගැහැට වින්ද පිරිසක් තමයි මේ මහියංගනය ප්‍ර දේශයේ ජිවත් වන්නේ.
වකුගඩු රෝගය ඉතාවත් ඉහල තත්වයකට කළමණාකරණය කර ගන්ඩ අපහසු උවත් මේ ජලය ලබාදීමෙන් වකුගඩු රෝගය හැදෙන ප්‍රමාණයත් අඩු ඒ පවුල් වල දුවාදරුවන් විදින දුක් කම්කටොලු අඩු කර ගන්න පුලුවන් වෙයි කියලා අපිටි විශ්වාසයක් තියෙනවා. ඔබතුමා මහවැලි අමාත්‍යවරයා හැටියට අද අපිට දායකත්වයක් ලබාදීලා තියෙනවා මහවැලි සී කලාපය පැත්තේ. වතුර ෆිල්ටර් වෙනුවෙන් විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මේ ජල පද්දති වලින් වතුර නොලැබෙන ප්‍ර දේශ තියෙනවා. රිදිමාලියද්දෙත් වතුර නොලැබෙන ප්‍ර දේශ තියෙනවා. මම ඔබතුමාගෙන් හා හකිම් ඇමතිතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින්නේ එම ප්‍ර දේශ සදහාත් ජලයෝජනා ක්‍රම ක්‍රියාත්මක කර පිරිසිදු පානිය ජලය ලබාදෙන්න කටයුතු කරන ලෙස“ යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.

පළමු අදියරේදී මහියංගන පුජා නගරය, මහියංගන නගරය, දම්බරාව, සොරබොර, වැව් ගම්පහ, දෙහිගොල්ල, ඇලෑවෙල, අරාවත්ත,සගබෝපුර, වෙළම්පැලේ, කෙසෙල්පොත උතුර හා දකුණ, සේරාණ, සෙනෙවිගම, ඌව ගැමුණුපුර, ඌව තිස්සපුර, අභයපුර, දික්ඇන්දයාය යන ගම්මාන වල පුද්ගලයින්. මහවැලි ගග මුලාශ්‍රක ගනිමින් මෙම ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වු අතර ශ්‍රිලංකා රජයේ මුල්‍ය ආධාර මගින් ඕස්ට්‍රියානු රජයේ ණය ආධාර යටතේ ක්‍රියාවට නැන්වුයකි. ව්‍යපෘතිය සදහා වැයවු මුදල මිලියන 3500කි.

දෙවන අදියර රිදීමාලියද්ද උතුර රිදීමාලියද්ද දකුණ ඌරණිය නාගදීප දකොටතලාව සගදෙෝපුර අරාවත්ත වෙලම්පැ, දෙහිගොල්ල හා ඇලෑවෙල

ශ්‍රිලංකාවේ වැඩබලන ඕස්ට්‍රියානු තානාපති ජෝජ් සෙහෙට්නර්, මහතා
නගර සැලසුම් හා ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රණාන්දුපුල්ලේ මහත්මිය, අමාත්‍ය හරින් ප්‍රනාන්දු, ඌව පළාත් මහ ඇමති චාමර සම්පත්, ලක්ෂමන් සෙනෙවිරත්න, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි තේනුක විදානගමගේ මහතා හා ඌව පළාත්සභා මන්ත්‍රි අනුර විදානගමගේ මහියංගන එක්සත් ජතික පක්ෂ සංවිධායක උපාලි සේනාරත්න මහතා  මහතා ඇතුලු මැති ඇමතිවරු, පළාත් පාලන නියෝජිතයන් රැසක් මෙම අවස්ථාව සදහා සහබාගි වේ.











No comments:

Post a Comment