Sunday, October 9, 2016

රන්දෙනිගලින් උමගක් මතුවේ ?

 රන්දෙනිගලින් උමගක් මතුවේ ?2016 ඔක්තෝබර් මස 09 17:02:56 | . , ඩබ්ලිව්.ඒ. අසේල

මහනුවර රන්දෙනිගල රජමාවත ආසන්නයේ මයිලපිටිය කැප්පටියාවේ කානුවක් කපද්දී විශාල උමගක් මතුවී ඇත.
මීට වසර හතලිහකට පමණ පෙර සිට මිනිසුන් පදිංචි වීමෙන් මෙම ගම්මානයක බිහිවී ඇත. ඊට පෙර මෙය කැලෑබද කදුකර ප්‍රදේශයකි.
උමගට බැස්ස තරුණයෙක් වන ඩි.එම්. ජයකොඩි ප්‍රකාශ කළේ තමා මෙම උමගට බැස  අඩි අටක් පමණ ඇතුලට ඇවිද ගිය බවත් අධික රස්නය හා හුස්ම ගැනීමට අපහසු බවත්ය ඇතුළත හුණුගල් ඇති බවත් ඔහු කියයි.
මේ ගැන පුරාවිද්‍යා දේපාර්තුමේන්තුවට දැනුම් දුන් බව තලාතුඔය පොලිසිය කියයි.
රන්දෙණිගලට නුදුරින් පිහිටි ස්ත්‍රී පුරයේද උමගක් තිබූ බවත් රන්දෙනිගල ජලාශයට ස්ත්‍රී පුරය යටවීම නිසා එම උමගද යටවු බව මහවැලි නිලදරයෝ කියති.
රන්දෙණිගල හා ස්ත්‍රීපුරයේ පැරණි රජවරුන් උමන් කැපා තිබූ බව ජනප්‍රවාදයේ කටා කතාවකි.


No comments:

Post a Comment