Thursday, October 13, 2016

බදුල්ලේ කුණුගොඩ ඇතුළේ පරමාණු බෝම්බයක්..?


බදුල්ල කුණු කන්දේ හටගත් ගින්න හේතුවෙන් බදුල්ල නගරයට කෙටිකාලීනව මෙන්ම දීර්ඝකාලීනද ඉතා ශෝචනීය ප්‍රතිඵල භුක්ති විඳීමට සිදුවනු ඇතිබව බදුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෙත යවා ඇති ලිපියෙන් අනාවරණය වනවා.
බදුල්ල නගරය මධ්‍යයේ වසර ගණනාවක් තිස්සේ පවත්වාගෙන යන මෙම කසළ ගොඩෙහි ඇත්තේ ප්‍රතිචක්‍රීකරණය සඳහා වෙන් කළ පසු ඉතිරි වූ කෘතීම ද්‍රව්‍ය බව එම ලිපියෙන් පවසා තිබෙනවා. ගිනිගෙන ඇත්තේ එම කෘතිම ද්‍රව්‍ය බවත් එයින් පිටවූ දුමාරය සමග නිකුත් වූ විෂ වායූන් නිසා ඇති විය හැකි කෙටි හා දීර්ඝ කාලීන සෞඛ්‍ය බලපෑම් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සිය ලිපියෙන් මෙසේ පෙන්වා දෙනවා.
  1. කාබන් ඩයොක්සයිඩ් – ශ්වසන රෝග, හරිත නිවාස ආචරණය, අම්ල වැසි.
  2. බැර ලෝහ (රසදිය, ආසනික, කඩ්මියම්) ශරීරය තුළ තැන්පත් වීම – වකුගඩු රෝගය, උදර ආබාධ, ස්නායු ආබාධ හෝමෝන අක්‍රමිකතා, මරණය.
  3. පොලිවීනයිල් ක්ලොරයිඩ් හා ඩයොක්ෂින් හා ෆියුරැන්ස් – පිළිකා, ළමයින්ගේ වර්ධනය අඩාල වීම, ප්‍රතිශක්තිය දුර්වල වීම, වඳ භාවය.
  4. කාබන් මොනොක් සයිඩ් – කරකැවිල්ල, හිසරදය, ස්නායු ආබාධ, මරණය.
  5. ඇල්ඩ්හයිඩ් – ස්වසන ආබාධ, පිළිකා, හිසරදය.
  6. හයිඩ්‍රජන් සල්ෆයිඩ් – ස්වසන ආබාධ.
  7. පොලිනියුක්ලියර් ඇරෝමට්ක් සංයෝග – උග්‍ර පිළිකාකාරකයකි.
  8. වාෂ්පශීලී කාබණික සංයෝග – ස්නායු ආබාධ, උග්‍ර පිළිකාකාරකයකි, පෙනහලු හානි.
  9. සල්ෆර් ඔක්සයිඩ් – ස්වසන ආබාධ. වැනි විෂ රසායනික වායූන් පිටවී ඇති අතර ඉන් බලපාන රෝග වැළඳීමට ඉඩ කඩ තිබේ.
මෙම රසායනික වායූන් පරිසරයේ තැන්පත් වීම තුළින් දීර්ඝකාලීන ලෙඩරෝගවලට ජනතාවට මුහුණදීමට සිදුවන බවත් මේ වනවිට ළමන් 20කට ආසන්න ප්‍රමාණයක් රෝහල් ගත කර ඇති අතර ඉන් 05දෙනෙක් තවමත් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බවද ඔවුන් අවධාරණය කරනවා.

No comments:

Post a Comment