Wednesday, December 3, 2014

අනතුරේ හැටියට ජිවිත බේරුනා පුදුමයි.


ලොරි රථ දෙකක් පැප්පි ලොරියක් කුඹුරට - රියදුරු රෝහලේ  අනතුරේ හැටියට ජිවිත බේරුනා පුදුමයි.

මහියංගන ගිරාදුරුකෝට්ටේ මාර්ගයේ 01 කණුවට ආසන්න මාර්ගයේදි අද (03) උදැසන 5.00ට පමණ ගිරාදුරුකෝට්ට දෙසට (ත්‍රිකුණාමලය දක්වා ) ධාවනය කරමින් තිබු ලොරි රථයක පිටුපසින් පැමිණි   ටිපර් රථයක් ගැටිමෙන් ටිපර් රථයේ රියදුරු තුවාල ලබා මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇත.

ත්‍රිකුණාමලයේ විදුලි බලාගාරයක් සදහා දහයියා ප්‍රවාහනය කරමින් තිබු ලොරි රථයක වැලි පැටවීම සදහා යමින් තිබු ටිපර් රථයක් පසු පසින් පැමිණ ගැටිමෙන් මෙම රිය අනතුර සිදු වි ඇති අතර අධික වේගයෙන් පැමිණිම හේතුවෙන් මෙම අනතුර සිදු වන්නට ඇතැයි මහියංගන පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සැක ඵල කර සිටි. රිය අනතුරෙන් වැලි ටිපර් රථය විශාල ලෙස හානියට පත් අති අතර එහි රියදුරුගේ ජිවිතය බේරි ඇත්තේ පුරුවෙ පිනකට බව අනතුර සිදු වු ස්ථානයට පැමිනෙන පිරිසගේ අදහස වි තිබේ.
සිද්දිය සම්බන්දයෙන් මහියංගන පොලිස්ථානයේ රථවාහන අශයේ නිළධාරින් පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ




No comments:

Post a Comment