Friday, December 19, 2014

මව සහ දියනිය නිදියහනේ ඝාතනය කරලා එක් දියනියකගේ දිවි බේරේ

මව සහ දියනිය නිදියහනේ ඝාතනය කරලා එක් දියනියකගේ දිවි බේරේ

2014-12-19 ප.ව. 2:36

මහියංගන අරාවත්ත ප්‍ර දේශයේ මවක් සහ කුඩා දියනියක් නිදියහනේදිම පෙරේදා (18 ) රාත්‍රියේදි ඝාතනය කර ඇත. නිවසේ නොසිටිම හේතුවෙන් තවත් කුඩාදියණියකගේ දිවි බේරි ඇත.
මෙලෙස  ඝාතනය කර ඇත්තේ 205/2, තරුණ ව්‍යාපාරය, මහියංගනය යන ලිපිනයේ පදිංචිව සිටි බටගල්ලේ ගෙදර චන්ද්‍රා කුමාරි නම් වන වයස 31ක තරුණ මවක් හා කේ ජි හිමාශා කාවින්දි නම් වන වයස අවුරුදු 06ක කුඩා දියනියකි. නිවසේ නිදියහනේ නිදා සිටියදි මෙම ඝාතනය සිදු කර ඇති අතර කියුණු කැපුම් ආයුදයකින් ගෙල ප්‍ර දේශයට එල්ල කරනලද ප්‍රහාරයන් මගින් මෙම ඝාතනය සිදු කර ඇත. ඝාතනය සිදු කරන විට මෙම දෙදෙනා පමණක් නිවසේ සිට ඇති අතර වැඩිමහල් දියනිය සිය මිත්තනියගේ නිවසට සන්ධ්‍යාවේ ගොස් නැවත නොපැමිණිම හේතුවෙන් ඇයගේ දිවි ගැලවි ඇත. මෙසේ දිවි බේරාගෙන ඇත්තේ කේ ජි බුද්ධිකා ප්‍රියදර්ශනි නම් වයස 08ක දැරියකි.
 අසල් වාසි නිවසක කාන්තාවක් විසින් උදැසන මෙම නිවසට ගොස් ඇති  අතර නිවසේ කිසිවකු ගේ ප්‍රතිචාරයන් නොමැති කමින් තවමත් නිවසියන් නිදියමින් සිටින්නේ කුමකටද යන්න පිළිබද සොයාබැලිමේදි ඔහුන් නිදියහනේදිම ඝාතනය කර ඇති බව දැක මහියංගන පොලිස් ස්ථානය වෙත සිද්ධිය සම්බන්දයෙන් දැනුවත් කර ඇත.
ඒ අනුව මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිසියේ ස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා හා අපරාධ අංශයේ ස්ථානාධිපති එස් චතුරංග මහතා ප්‍රමුඛ නිළධාරින් මෙම ද්විත්ව ඝාතනය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර සිද්ධියට සම්බන්ද සැක කරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර  මෙම ඝාතන ද්විත්වයට හේතුව කුමන්ද යන්න පිළිබද අනාවරණය කරගෙන නොමැත.
සිද්ධිය සම්බන්දයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණ හා මරණපරික්ෂණ ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබුනි.





No comments:

Post a Comment