Wednesday, December 10, 2014

බැංකුවෙන් පල්ලියට පරිගණකාගාරයක් - අඩු ආදායම් ලාභි හා ගොවි ජනතාවගේ දූ දරුවන්ට පරිගණක අධ්‍යාපනය

බැංකුවෙන් පල්ලියට පරිගණකාගාරයක් - අඩු ආදායම් ලාභි හා ගොවි ජනතාවගේ දූ දරුවන්ට පරිගණක අධ්‍යාපනය

රටේ අනාගතය තොරතුරු තාක්ෂණයෙන් සවිමත් කිරිමේ අරමුණ ඇතිව කොමර්ෂල් බැංකුවේ සමාජ සත්කාරක වගකිම් මෙහෙවර යටතේ සිය 152 වන අංගසම්පුර්ණ පරිගණක අධ්‍යාපන විද්‍යාගාරය මහියංගන උත්ථාන වු කිතු සමිදුන්ගේ දේවස්ථානයේ මීසම් සභාව වෙත පසුගිය 2014-11-28 වන දින උදැසන පරිත්‍යාග කරන ලදී.

ලක්ෂ 10ක මුදලක් වැයකරමින් පරිගණක 5ක් හා ප්‍රින්ටර් වලින් සමන්විත අංගසම්පුර්ණ පරිගණක විද්‍යාගාරයක් කොමර්ෂල් බැංකුව විසින් පරිත්‍යාග කර ඇති අතර එය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි ගොවිජනතාවගේ දුවාදරුවන් ගේ පරිගණක අධ්‍යාපන දැනුම දියුණු කිරිම සදහා මහත් පිටු වහලක් වන බව මහියංගන උත්ථාන වු කිතු සමිදුන්ගේ දේවස්ථානයේ ප්‍රධානි ගරු ඩිලෙක්ස් ශාන්ත පියතුමා පරිගණක විද්‍යාගාරය විවෘත කිරිමෙන් පසු පැවති සුහද හමුවේදි ප්‍රකාශ කර සිටියේය.

මහියංගන කොමර්ෂල් බැංකු ශාකාවේ කළමණාකාර සාගර තෙන්නකෝන් මහතාගේ ආරාධනයෙන් ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස කොමර්ෂල් බැංකු ශාකා ජාලයේ මධ්‍යම පළාත් ජේෂ්ඨ කළාපිය කළමණාකරු ඩිලක්ෂන් හෙට්ටිආරච්චි මහතා මෙම අවස්ථාව සදහා සහබාගි විය. ගම්වාසි විශාල පිරිසක් හා මහියංගන කොමර්ෂල් බැංකු ශාකාවේ සහකාර කළමණාකාර අමිද්‍ර පෙරේරා හා නිළධාරින් පිරිසක් මෙම අවස්ථාව සදහා එක්ව සිටියේය.





No comments:

Post a Comment