Sunday, December 28, 2014

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 5000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි - 1978 පසු පැමිණි විශාලතම ජල ගැල්ම

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 5000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි - 1978 පසු පැමිණි විශාලතම ජල ගැල්ම

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන අධික වර්ශාව හේතුවෙන් පසුගිය 26 දින රංදෙනිගල හා රංටැඹේ ජලාශවල ජල මට්ටම පාලනය කිරිම හා එහි ආරක්ෂාව වෙනුවෙන් වාන්දොරටු දෙකක් මිටර 12ක් බැගින් (අඩි 40ක් ) උසට විවෘත කිරිමට සිදු විය.
එම හේතුවෙන් මහවැලි ගග පිටාරගලා මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන පිරිසකගේ නිවාස විශාල ප්‍රමාණයක්      ජලයෙන් යටවු අතර පවුල් විශාල ප්‍රමාණයක් අවතැන් වීය.
දැනුම් දිමකින් තොරව රාත්‍රි කාලයේ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් වු අතර බොහෝ පිරිස් ඇදි වත සමගින් නිවාසවලින් ඉවත් වි ඇත. දරුවන්ගේ පොත පත නිවෙස් උපකරණ විදුලි උපකරණ හා ගෙවල් විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවිම හේතුවෙන් බොහෝ පිරිසක් පිඩාවට හා කනස්සල්ලට පත්විය. 1978 වර්ශයේ ජල ගැලිමෙන් පසු මෙතරම් ප්‍රමාණයක ජල ගැල්මක් මෙවර සිදු වු බව ගම්වාසින් පවසති
මහියංගන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයේ පවුල් 634ක් (පුද්ගලයන් 2359ක්) අවතැන් වු අතර ඔහුන් තාවකාලික සහන කදවුරු වන  මහියංගන රජමහා විහාරයේ පවුල් 29ක්(පුද්ගල 949ක්) සොරබොර ශ්‍රි අශෝකාරාමයේ පවුල් 228 (පුද්ගලයන් 845), හද්දත්තාව මහා විද්‍යාලයේ  පවුල් 79 (පුද්ගලයන් 280), මාපාකඩවැව ශ්‍රි සුදර්ශනාරාමයේ පවුල් 74 (පුද්ගලයන් 245), ඇකිරියන්කුඹුර විද්‍යාලයේ පවුල් 12ක් (පුද්ගලයන් 40), තාවකාලිකව ලැගුම් ගෙන සිටියහ.
මහියංගන ප්‍රා දේශීය ලේකම් සුනිල් අබේකෝන් මහතාගේ මැදිහත් විමෙන් අවතැන් වුවන් සදහා පිසු ආහාර පිරිසිදු පානිය ජලය හා මහියංගන ප්‍රා දේශිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරින් හා වෛද්‍යවරු මැදිහත් විමෙන් සෞඛ්‍ය පහසුකම් හා  ඖෂද ලබාදිමට කටයුතු සලසා දි තිබුනි

මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ අවතැන් වු වන් 3000කට අධික ප්‍රමාණයක් වන අතර ඔහුන් මිනිපේ රඹුක්වැල්ල කණිෂ්ඨ විද්‍යාලය, මොරයාය මධ්‍යමහා විද්‍යාලය, පල්ලේවත්ත කණිෂ්ඨ විද්‍යාලය, හසලක 07 ඇල වැල් ගාල ප්‍රජාශාලාව, උල්පතලම මහා විද්‍යාලය, උඩවෙල මධ්‍යමහා විද්‍යාලය හා කොලොන්ගොඩ මධ්‍යමහා විද්‍යාලවල  තාවකාලිකව නවාතැන් ගෙන සිටියහ.

No comments:

Post a Comment