Friday, December 12, 2014

කාන්තාවක් ගසක් උඩට නැග සමෘර්ධි නිළධාරියාට විරෝදය - පාරත් වහයි

කාන්තාවක් ගසක් උඩට නැග සමෘර්ධි නිළධාරියාට විරෝදය - පාරත් වහයි
2014-12-12 ප.ව. 4:28

මහියංගන ප්‍රා දේශීය ලේකම් කොට්ඨාශයේ දඹාන වේවත්ත ග්‍රාමයේ සමෘර්ධි නිළධාරිවරයාහට හා නිදහස් සංධානයේ වේවත්ත ග්‍රාමයේ ශාඛා සමිති සභාපති වරයාගේ අකටයුතු ක්‍රියා සම්බන්දයෙන් ගම්වාසින් පාරට බැස අද (12) උදැසන මහියංගන පදියතලා මාර්ගය හරස් කරමින් දඹාන වේවත්ත ප්‍ර දේශයේදි විරෝධතාවයක නිරත වු අතර බළධාරින් පැමිණ විසදුම් ලබාදෙන තුරු ගසින් නොබසින බව පවසමින් කාන්තාවක්ද විශාල ගසකට නැග කෑ ගසමින් විරෝධතාවයේ නිරත වුයේය.
දිවිනැගුම ව්‍යාපෘතිය යටතේ රුපියල් 2500 දිමනාව ලබා දෙන බව පවසමින් නිදහස් සංධානයේ වේවත්ත ග්‍රාමයේ ශාඛා සමිති සභාපති වරයා රුපියල් 40ක මුදලක් අයකරමින් අයදුම් පත්‍ර ඡායා පිටපත් විශාල ප්‍රමාණයක් ගමපුරා බෙදා දි ඇති අතර සමෘර්ධි නිළධාරිවරයා හා එක්ව මෙම වංචාව මෙම පුද්ගලය සිදු කර ඇති බව පවසමින් ගම්මාසින් ඔහුන් දෙදෙනාට විරුද්දව මෙම විරෝධතාවය පැය 4කට අධික කාලයක් තිස්සේ සිදු කරන ලදි. ගම්වාසින් පවසන පරිදි සමෘර්ධි ආධාර ලබාගැනිම සදහා ඔහුගේ ගෙවත්තේ හා හේනේ බඩ ඉරිගු සෑදිමට යෑමට සිදු වන අතර වැසිකිලි වලවල් කැපිමට එන ලෙසද ගම්වාසින්ට පැවසු බව ගම්වාසින් චෝදන කරන අතර විශාල වංචාවන් සිදු කරමින් ධනවත් ව්‍යාපාරික පිරිස් සදහා සමෘර්ධි සහනාදාර ලබාදි ඇති බවත් ඒ හේතුවෙන් ගම්මානයේ අසරණ දුප්පත් දුගි ජනතාව මහත් පිඩාවට පත්ව අති බවට ගම්වාසින් තවදුරටත් චෝදන කරති.
මහියංගන පොලිසියේ ස්ථානාධිපති ඒ වික්‍රමසිංම මහතා හා නිළධාරින් පිරිසක් පැමිණ අවහිර කර තිබු මහියංගන පදියතලා ප්‍රධාන මාර්ගය මහත් පරිශ්‍රමයක් යොදා විවෘත කල අතර එම අවස්ථාවේදි ගම්වාසින් සමග ඉතා උණූසුම් තත්වයන් හා ගැටිම් ඇතිවිණ. පොලිස් නිළධාරින් සිටියදි ගම්වාසින් වරින් වර පාරේ වැතිරෙමින් මාර්ගය අවහිර කරන ලදි. වගකියවුතු නිළධාරින් හෝ දේශපාලන නියෝජිතයන් පැමිනෙන තෙක් තම විරෝධතිවය ඉදිරියටම කරගෙන යන බව පැවසු ගම්වාසින් වරින් වර පොලිස් නිළධාරින් සමග බහන් බස් විම් ඇති කර ගන්නා ලදී.
වගකිවයුතු නිළධාරින් හා දේශපාලන නියෝජිතයන්  ගෙන්විම සදහා පොලිස්ථානාධිපති තුමන් දුරකථනයෙන් කථා වරින් වර උත්සාහ කලද ඔහුන් ගෙන්වාගැනිමට විශාල කාලයක් විඩංගු කිරිමට සිදු විය.
ඒ හේතුවෙන් ප්‍රාදේශීය සමෘර්ධි ප්‍රධානින් කිහිප දෙනෙකු ගැටලුව විසදිම සදහා පැමිණි අතර ගම්වාසින් ඔහුන් සමගද ගැටිම් ඇති කර ගත් අතර අවසානයේ ඌව පළාත් සභා අමාත්‍ය අනුර විදානගමගේ මහතාගේ ලේකම් රංජිත් පද්මසිරි යාපා මහතා පැමිණ ගම්වාසින්ගේ ගැටලුව පිළිබද සොයා බැලු අතර ගැටලුව විසදිම සදහා වහාම දඹාන වේවත්ත වසමේ සමෘර්ධි නිළධාරිවරයා වෙනත් වසමකට මාරු කර දෙන ලෙස ප්‍රාදේශීය සමෘර්ධි ප්‍රධානින් හට උපදෙස් දුන් අතර අද දින සිට වේවත්ත වසමේ නිදහස් සංධානයේ ශාඛා සමිති සභාපති වරයා එම තනතුරෙන් නෙරපා දමා ඇති බව ගම්වාසින් හට දැනුම් දුන් පසු විරෝධතාවය නතර කෙරිනි.
ගසේ නැගසිටි කාන්තාව ඉනිමගක් ආදාරයෙන් ගම්වාසින් විසින්   බිමට බස්සවා ගන්නා ලදි.









No comments:

Post a Comment