Friday, December 26, 2014

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 2000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි.

මහවැලි ගග පිටාර ගලා මහියංගන හා මිනිපේ 3000කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි.


12/26/2014 4:56 PM

රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගග පිටාර ගැලිමෙන් මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන 3000කට  අධික ප්‍රමාණයක්   මේ වන විට අවතැන් වී ඇත. අවතැන් වු පිරිස මහියංගන රජමහා විහාරස්ථානය හා සොරබොර විහාරස්ථානය මාපාකඩවැව යන විහාරස්ථාන වල රදවා සිටි. සොරබොර විහාරස්ථානයට පමණක් 700 ආසන්න පිරිසක් පැමිණ ඇත. ඔහුන් සදහා මහියංගන ප්‍රා දේශිය ලේකම් සුනිල් අබේකෝන් මහතාගේ මැදිහත් විමෙන් අවශ්‍ය සහන සේවාවන් , ආහාර, පිරිසිදු පානිය ජලය හා වෛද්‍ය පහසුකම් ලබාදිමට කටයුතු කර ඇත.

මිනිපේ ප්‍රා දේශිය ලේක්ම් කොට්ඨාශයේ අපවතැන් පිරිස එච් බි රඹුක්වැල්ල කනිෂ්ඨ විද්‍යාලය හා මිනිලේ සංඝබෝධි විද්‍යාලයේ තාවකාලික ලෙස රදවා සිටි.
මහියංගන ප්‍රා දේශිය ලේකම් බළප්‍ර දේශයේ අවතැනු වුවන් සදහා පහසුකම් සැපයිම් හා සේවාවන් විධිමත් ආකාරයෙන් සිදු වන බවත් මිනිපේ ප්‍රා දේශිය ලේකම් බල ප්‍ර දේශයේ අවතැන් වුවන් සදහා කිසිදු සහන සේවාවන් ලබාදිමට  දහවල් වන විටත් අදාල නිළධාරින් නොපැමිනි බව අවතැන් වු ජනතාව චෝදනා කරති.





No comments:

Post a Comment