Monday, December 29, 2014

මහියංගනේ සරත් පොන්සේකාගේ පක්ෂ කාර්යාලයට වෙඩි තබා කුඩේ කුඩු කරයි - වාහන කිහිපයක් කුඩු කරයි - කුඩා දරුවන් දෙදෙනෙක් සමග 5ක් රෝහලේ - ආබාදිත සෙබලාගේ බොරු කකුලත් පන්නගෙන ගිහින් - රෝගින් බලන්න සරත් පොන්සේකා මහතා එයි ‍

12/29/2014 8:21 PM

මහියංගන නිදහන්ගල ප්‍රදේශයේ ජනාධිපතිනරණය වෙනුවෙන් ජනාධිපති අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් සහය ඵල කිරිම සදහා 28 දින උදැසන ආරම්භ කරන ලද නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නිත්‍යානුකූල පක්ෂ කාර්යාලය ප්‍රදේශයේ දේශපාලන නායකයන්ගේ දෙදෙනෙකුගේ ආධාර කරුවන් පිරිසක් ඊයේ (28) රාත්‍රි 10ට පමණ අහසට වෙඩි තබා දෙවනුව පුද්ගලයන්ට හා කාර්යාලයට පහර දි කුඩු පට්ටම් කල බවත්  කාර් එකක් හා වෑන් රථයක්, යතුරුපැදියක් හා පාපැදියක් පොලු මුගුරුවලින් පහර දි විනාශ කොට දැමු බව තුවාල කරුවන් ප්‍රකාශ කර සිටි.
එහි රැදි කාර්යාලයේ සිටි කුඩා දරුවන් දෙදෙනෙකු හා පුද්ගලයන් තිදෙනෙකු පහර කා,  තුවල ලබා  මහියංගන මුලික රෝහල වෙත ප්‍රතිකාර සදහා ඇතුලත් කර ඇති අතර තුවාල කරුවන්ගේ තත්වය හා සුව දුක් පරික්ෂා කරිම සදහා නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණ නායක සරත් පොන්සේකා මහතා අද ( 29) දහවල් මහියංගන මුලික රෝහල වෙත පැමිනියේය.
මෙසේ තුවල ලබා ඇත්තේ යුද්දයේද් බෝම්බ ප්‍රහාරයකට ලක් වි ආබාධිත තත්වයේ පසුවන (කකුලක් අහිමි)  විශ්‍රාමික කර්නල් එම් චන්ද්‍රෙස්න මහතා වන අතර මැර පිරස ඔහුට අමාණුශික අන්දමින් පහර දි තමාගේ දරුවා වන අභිලාෂ් මාමුනගේ (15) හට පොලු මුගුරුවලින් පහර දුන්  බවත් තමා ගේ බොරු කකුලද මැරයන් විසින් පැහැර ගෙන යනු ලැබු බව චන්ද්‍රෙස්න මහතා ප්‍රකාශ කර සිටි. අනෙකුත් තුවාල කරුවන් වන් නේ පසුගිය පළාත් සභා මැති වරණයේ නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුනේ අපේක්ෂක රෝහන ප්‍රසන්න විජේසේකර (40)  හා සංදිප ගොවිදුනාත (13)  කුඩා දරුවා සහ ආරියදාස මංචනායක (56) යන අය වේ.
ප්‍රහාරයට සම්බන්ද පිරිසෙන් පුද්ගලයන් 4ක් මහියංගන පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති අතර  ඔහුන් මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරපත් කිරිමෙන් අනතුරුව මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත් තුමිය විසින් සැකරුවන් 2014-01-06 දින දක්වා රක්ෂිත බන්දනාගාර ගත කරන ලෙස නියෝග කර ඇත. මහියංගන සහකාර පොලිස් අධිකාරි උජිත් ලියනගේ මහතා ප්‍රමුඛ මහියංගන පොලිස්ථානාධිපති එස් බි වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ කටයුතු සිදු කෙරේ








No comments:

Post a Comment