Sunday, November 16, 2014

මිනිපේ - මොරයාය ගම්මානයේ මනන්නාඔය පාලම පෙරලි වසර 5කට වැඩියි. හදන පාටක් පේනතෙක් මානයක නෑ Hiru TV News

Minipe Morayaya Mananna Oya Palama - Hiru TV News 16_11_2014

මිනිපේ - මොරයාය ගම්මානයේ මනන්නාඔය පාලම පෙරලි වසර 5කට වැඩියි. හදන පාටක් පේනතෙක් මානයක නෑ
16_11_2014



මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශයේ මොරයාය ගම්මානයේ කපුවත්ත හා ගගේවත්ත මැදින් ගලාබසිනා මනනන්නාඔය හරහා ඉදිකරමින් තිබු පාලම වැඩ අවසන් කිරිමට ප්‍රථමව පෙරලි මේවන විට වසර 5කට අධික කාලයක් ගතවි ඇතත් මේවන තෙක් ඒපිළිබද සොයාබලා ජනතාවට සහනයක් සලසාදෙන්නට වගකිවයුතු දේශපාලන නායකයෙක් හා රජයේ ආයතනයක් මැදිහත් නොවිම පිළිබද මිනිපේ මොරයාය ප්‍රදේශවාසින් සිටින්නේ මහත් කළකිරුණු ස්වරූපයකිනි.
2010 වර්ශයේ මුල් මාසය වන විට ඉදිකරමින් පැවතුන පාලම ඇදහැලුන ප්‍රථම වර්ශාවටම ඔයට පෙරලි ගියේ ඉදිකරමින් තිබු පාලමේ තාක්ෂණික දෝෂ හේතුවෙන් බව ගම්වාසින් හට අනාවරණය කර ගත හැකි විණි. යකඩ කම්බි නොයොදා, 6-4 කලු ගල් මැදට පුරවා වටින් කොන්ක්‍රිට් බිත්තර කටුවක් සේ යොදා පැති බැමි කොන්ක්‍රිට් කර තිබිම ඔයට පෙරලුන කොන්ක්‍රිට් පැතිබැම්මෙන් දිස්විම තුලින් පාලම් ඉදිකිරිම් කලුගල් තාක්ෂණයේ අපුර්වයය කහටත් වටහා ගත හැකි විනි. පාලම පෙරලිමෙන් පසු ඉදිකිරිම් සිදුකල කොන්ත්‍රාත් කරුවන් හා වැඩ අධික්ෂණ නිළධාරින් හා වගකිවයුතු පුද්ගලයන් පාලම පෙරලිමට හේතුව ස්වාභාව ධර්මයට පවරා වාර්ථා සකසා ලිපි ගොනු රාශියක් පිළියෙල කර නිහඩ පිලිවෙත අනුගමනය කර මේ වන විට වසර පහකට අදික කාලයක් ගතවි ඇත. එවකට ව්‍යපෘතිය සදහා ඇස්තමේන්තු මුදල ලක්ෂ 35කි. පාලම පෙරලෙන විට ඒ සදහා කොන්ත්‍රාත් කරුවන් ලක්ෂ 23ක් ලබාගෙන තිබුනි. පාලම සකසාගන්නට ගම්මානයේ ගම්වාසිනට දැඩි උවමනාව තිබුනද වගකිවයුතු නිළධාරින් හා දේශපාලකයන් ඒ දෙස හැරිවත් බලන්නේනම් නැති බව ගම්වාසින් ප්‍රකාශ කර සිටි.
පාලම පෙරලි සති කිහිපයකට පසු මධ්‍යම පළාත් මහා අමාත්‍ය සරත් ඒකනායක මහතා එම ස්ථානය නිරික්ෂණයට පැමිණි අතර ඉදිකිරිම් වල දෝෂයක් හේතුවෙන් මෙම පාලම පෙරලි ඇති බව එතුමන්ගේ නිරික්ෂණයෙන් පසු මධ්‍ය සදහා අදහස් ප්‍රකාශ කල අතර ඉදිකිරිම් සිදුකල කොන්ත්‍රාත් කරුවන් හට දඩුවම් දි කඩිනමින් මේ පාලම නැවත සකසා දි ජනතාවට සෙත සලසාලන බව ප්‍රකාශ කලේය. එසේ ප්‍රකාශ කර වසර 4කට අධික කාලයක් ගතවි ඇතත් මේ වන තුරු කිසිවක් සිදු වි නොමැති බව ගම්වාසින් පවසති.
පාසල පන්සල රෝහල කඩමණ්ඩිය සදහා මොරයාය නගරය සදහා යායුතු අතර ඒ සදහා ආසන්නම මාර්ගය මෙම මාර්ගය වන අතර වර්ෂා සමයේ පාසැල් දරුවන්, ගැබිනිමව්වරුන්, වයෝවෘද්ද ගම්වාසින් මනන්නාඔයේ පැමිනෙන ජල කඳට එරෙහිව ගඟ තරණය කරන්නට නොහැකිව විශාල පිඩාවන් හට පත් වන අතර මේ වන විට පෙරලිමට ඔන්න මෙන්න ඇති කොන්ක්‍රිට් කණු හරහා යොදා ඇති පරාල කැබලි කිහිපයද මරු කපොල්ලක් වැනිය. පාසැල් දරුවන් කිහිපදෙනෙකුද මෙම මරු කපොල්ලේ ගමන් කිරිමට ගොස් ඔයට වැටි සති ගනන් අත පය කඩාගෙන නිවෙස් වල සිටින්නට සිදු වු බව ගම්වාසින් පවසන්නේ මහත් වු සිත් තැවෙලෙනි.
පාලම් හනන්න ඕන වතුරට ඔරොත්තු දෙන ආකාරයට ඒත් මේ මිනිපේ ප්‍රදේශයේ හදනා පාලම් පළමු වර්ශාවෙන්ම සොදාගෙන යන්නේ උඩසිටිනා දෙවියන්ටත් නොතේරෙන විදායට. ඒ තරමටම ඒවායේ ප්‍රමිතිය ඉහලයි. අධික්ෂණය නියමයි. ගැහිල්ල බොහොමයි. වේදනාව විද දරාගැනිමට නොහැකි තැන ගම්වාසියෙකු සිද්දියේ ඇත්තම තත්වය හා හේතුව වැමැරිය.

රටේ බදු ගෙවනා ජනතා මුදල් මේ ආකාරයෙන් නැති නාස්තිකරන්නට කොන්ත්‍රාත් කරුවනට ඉඩහසර ලබා දෙන්නට දේශපාලන නායකයන් අවස්ථාව සලසා දි ඇත. මෙවැනි වැරදිවලට දඩුවම්ද නොමැත. එම මුදල් නැවත අය කර ගන්නට ද ක්‍රමයක් නොමැත. මෙවැනි වැරදි සිදුකරනා කොන්ත්‍රාත් කරුවනට නිසි දඩුවම් ලබා දෙන්නේනම් ඔහුන් මෙවැනි වැරදි යලි කිසි දින සිදු නොකරනු ඇතැයි අපගේ විශ්වායයි.

No comments:

Post a Comment