Monday, December 8, 2014

මහියංගනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තිස්සකුට්ටි ආරච්චි

මහියංගනයේ නව එක්සත් ජාතික පක්ෂ සංවිධායක තිස්සකුට්ටි ආරච්චි හරසරින් පිළිගැනේ

 එක්සත් ජාතික පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ හා උපදේශක කමිටුවේ නිර්දේශය පරිදි 2014 වර්ෂය සදහා මහියංගන ආසන සම සංවිධායක ලෙස ඌව පළාත් සභා මන්ත්‍රි සී ජේ තිස්ස කුට්ටි ආරච්චි මහ...ාතා 2014-11-07 දින සිට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇත.
ජනාධිපතිවරණයට සමගාමිව නිළවශයෙන් ඒ මහතාගේ වැඩකටයුතු ආරම්භකිරිම ඊයේ (07) මහියංගනයේදි ආරම්භ කල අතර එම මහතා උණුසුම් ආකාරයෙන් මහියංගන ජාතික පාක්ෂික දේශපාලන නායකයන් හා පාක්ෂිකයන් විසින් පිළිගනු ලැබු අතර දැනට එක්සත් ජාතික පක්ෂ මහියංගන ආසන සම සංවිධායන ලෙස කටයුතු කරන උපාලි සේනාරත්න මහතාද එක්වි සිටියා.
මහියංගන ප්‍රදේශයේ එක්සත් ජාතික පාක්ෂික දේශපාලන නායකයන් හා පාක්ෂික කණ්ඩායම් හමුවන් ආරම්භ කරමින් පවසා සිටියේ දැනට රටේ තියෙන දේශපාලන තත්වය බලනකොට අපිට පැහැදිලිවම දිනන්න පුලුවන්. අද සියලුම බළවේග අපිට එකතුවෙලා තියෙන්නේ. බෞද්ධ බලවේග අන්‍යාගමික බලවේග හා දේශපාලන බලවේග අපිට එකතුවෙලා තියෙන්නේ. එදා මහින්ද රාජපක්ෂ වට එකතු වු සියලුම බලවේග අද අපි වටා එකතු වෙලා තියෙන්නේ. ලෙහෙසියෙන්ම දිනන්න පුලුවන් හා ඕන මැතිවරණය මෙම මැතිවරණය මෙය බව පැවසිය

No comments:

Post a Comment