Tuesday, December 16, 2014

එක්‌සත් ජාතික පක්‍ෂ මහියංගනය සංවිධායක /ඌව පළාත් සභා එජාප මන්ත්‍රී කුට්‌ටිආරච්චි රජයට එක්‌වේ

එක්‌සත් ජාතික පක්‍ෂ මහියංගනය සංවිධායක ඌව පළාත් සභා මන්ත්‍රී ජානක තිස්‌සකුට්‌ටිආරච්චි මහතා සිය පක්‍ෂයෙන් ඉවත්ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමට ඊයේ (15 දා) එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට එක්‌විය.

ඔහු ඊයේ (15 දා) පෙරවරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා හමුවී ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් උපරිමයෙන් කැපවී කටයුතු කරන බව ප්‍රකාශ කර ඇත.

එජාපයෙන් ජනාධිපතිවරණයට අපේක්‍ෂකයකු ඉදිරිපත් කිරීමට හැකියාව තිබුණත් ඒ සඳහා පක්‍ෂය කටයුතු නොකර විවිධ පිරිස්‌වල උගුල්වලට හසුවීමෙන් පක්‍ෂය අද කඩා වැටෙමින් තිබෙන බව පැවැසූ ඒ මහතා ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන ලෙසද සිය පාක්‍ෂිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

No comments:

Post a Comment