Friday, December 19, 2014

නිදියහනේදිම මව හා දියනිය පස් කන්දට බිලි

නිදියහනේදිම මව හා දියනිය පස් කන්දට බිලි
2014-12-19 ප.ව. 3:36



නිවසේ පිටුපස පස්කන්දක් නායගොස් නිවසේ නිදන කාමරයේ නිදාසිටි මව හා කුඩා දියනියක් මතට නිවසේ බිත්තියක් පෙරලි යෑමෙන් නිදියහනේදිම දෙදෙනා මිය ගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ අංක 36/2,පිරිවෙණ පාර, උඩුදහ, හසලක යන ලිපිණයේ පදිංචිව සිටි අයි ජි නිලන්ති කුමාරි වයස 31 වන මහක් වන අතර ඇය සමග නිදාසිටි ඒ ඒ ජිවන්ති අප්සරා ලක්මාලි නම් වසය 07ක කුඩා දරුවකු අවාසනාවන්ත ආකාරයෙන් මියගොස් ඇත. මියගිය කාන්තාවගේ සැමියා මිට වසර 3කට පමණ  පෙර හැරගොස් ඇති අතර එක් පුත්‍රෙයකු සසුන් ගතවි ඇති අතර සිද්ධිය සිදු වන විට ඔහුන් පමණක් නිවසේ සිට ඇත.
ඊයේ (19) උදැසන මියගිය කාන්තාවගේ යෙහෙලියක් ඔහුන් හමුවිමට නිවසට ගොස් ඇති අතර නිවසේ කිසිවෙකුගේ ප්‍රතිඡාරයක් නොමැති කමින් සොයාබැලිමේදි මෙම අනතුර අනාවරණය කර ගැනිමට හැකි වි ඇති අතර ගම්වාසින් සමග එක්ව නායගිය ස්ථානයේ පස් ඉවත් කර සිරුදෙක හසලක ප්‍රාෙද්ශිය රෝහල වෙත ඇතුලත් කර ඇති අතර රෝහලට ඔහුන් දෙදෙනා මියගොස් ඇති බව වෛද්‍යවරු සදහන් කර ඇත.

හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ පොලිස් නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරති. 

No comments:

Post a Comment