Friday, December 12, 2014

මහියංගන ප්‍රාෙද්ශිය සභාවේ 2015 වර්ෂය සදහා වු අයවැය වැඩි ඡන්ද 5කින් සම්මතයි

2014-12-12 ප.ව. 11:51
මහියංගන ප්‍රාෙද්ශිය  සභාවේ සභාපති ඩබ්ලිව් එම් සුනිල් මහතා විසින් 2015 වර්ෂය සදහා වු අයවැය වාර්ථාව අද දින මහියංගන ප්‍රාෙද්ශිය සභාවේදි ඉදිරිපත් කල අතර 2015 වර්ෂය සදහා වු අයවැය වනුවෙන් ආන්ඩු පක්ෂයෙන් අයවැය සදහා පක්ෂව ඡන්ද 8ක් ද විපක්ෂව ඡන්ද 3ක් ද ලැබුන අතර විපක්ෂයේ මන්ත්‍රිවරයෙකු ඡන්ද විමසුමේදි සභාගර්භයෙන් පිටත සිට ඇත. ඒ අනුව වැඩි ඡන්ද 5කින් මහියංගන ප්‍රාෙද්ශිය  සභාවේ 2015 වර්ෂය සදහා වු අයවැය සම්මත වි ඇත.

මහියංගන ප්‍රාෙද්ශීය සභාව එක්සත් ජනතා නිදහස් සංධානය යටතේ ක්‍රියාත් මක ප්‍රා දේශීය සභාවක් වන අතර ආන්ඩු පක්ෂ මන්ත්‍රිවර සංඛාව 7ක් වන අතර විපක්ෂ මන්ත්‍රිවරු සංඛාව 4කි.


No comments:

Post a Comment