Friday, December 26, 2014

මහවැලි ගග පිටාර ගලා මහියංගනයේ පවුල් 300කට අධික ප්‍රමාණයක් අවතැන් වෙයි. - බදුල්ල මහියංගන මාර්ගය වහන්න වෙයි

12/26/2014 12:44 PM

මධ්‍යම කදුකරයට දින ගනනක් තිස්සේ ඇදහැලෙන වර්ශාව හේතුවෙන් රංදෙනිගල හා රංටැඹේ ජලාශවල වාන්දොරටු විවෘත කිරිමට සිදු වි ඇත.
මහවැලි ගග පිටාර ගැලිම හේතුවෙන් මහියංගන හා මිනිපේ ප්‍රා දේශිය ලේකම් කොට්ඨාශවල මහවැලි ගග දෙපස ජිවත්වන පිරිසකගේ නිවාස 300කට අධික ප්‍රමාණයක්      ජලයෙන් යටවි ඇති අතර පවුල් විශාල ප්‍රමාණ මේ වන විට අවතැන් වී ඇත. අවතැන් වු පිරිස මහියංගන රජමහා විහාරස්ථානය හා සොරබොර විහාරස්ථානය මාපාකඩවැව යන විහාරස්ථාන වල රදවා සිටි.
මහියංගන නගරයට ආසන්නයේ රිදිකොටලිය පාලම ආසන්නයෙන් ජල මට්ටම අඩි 5ක් දක්වා ඉහල යෑම හේතුවෙන් බදුල්ල මහියංගන මාර්ගය මහියංගන පොලිස් නිළධාරින් විසින් වසා දමන්නට කටයුතු කරන ලදි.
දැනුම් දිමකින් තොරව රාත්‍රි කාලයේ මහවැලි ගගේ ජල මට්ටම ඉහල යෑම හේතුවෙන් විශාල පිරිසක් දැඩි පිඩාවට පත් ව ඇති අතර බොහෝ පිරිස් ඇදි වත සමගින් නිවාසවලින් ඉවත් වි ඇත. දරුවන්ගේ පොත පත නිවෙස් උපකරණ විදුලි උපකරණ හා දේවල විශාල ප්‍රමාණයක් ජලයෙන් යටවිමහේතුවෙන් බොහෝ පිරිසක් පිඩාවට හා කනස්සල්ලට පත්ව ඇත. 1978 වර්ශයේ ජල ගැලිමෙන් පසු මෙතරම් ප්‍රමාණයක ජල ගැල්මක් මෙවර සිදු වු බව ගම්වාසින් පවසති

මහියංගන ප්‍රා දේශීය ලේකම් සුනිල් විජේකෝන් මහතා ප්‍රකාශ කර සිටියේ අවතැන් පිරිස් පවුල් 300ක් පමණ ප්‍ර දේශයේ වෙහෙර විහාරස්ථාන කර යොමු කර ඇති බවත් ඔහුන් සදහා කඩිනමින් සහනසේවාවන් සපයන බවයි.
ජලාශයන් හි වාන් දොරට විවෘත කිරිම හේතුවෙන් මහවැලි ගගේ විශාල ජල ප්‍රමාණයක් ගමන් කරන අතර මහවැලි ගග පහල මහවැලි ගග පරිහරණකරන ජනතාවට මහවැලි ගග පරිහනයේදි සැලකිලිමත් වන ලෙඩ මහවැලි අධිකාරියේ නිළධාරින් දැනුම් දේ.










No comments:

Post a Comment