Sunday, December 14, 2014

පතරොම් තුවක්කුවක් සමග දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයා බඩුත් සමග මාට්ටු - තුවක්කුව ගැන පරික්ෂණ

පතරොම් තුවක්කුවක් සමග දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයා බඩුත් සමග මාට්ටු - තුවක්කුව ගැන පරික්ෂණ
2014-12-14 පෙ.ව. 10:15

රංදෙනිගල ජලාශයට ආසන්න රංදෙනිගල වන රක්ෂිතයේ දඩයමේ ගොස් මුවෙකු මැරු පුද්ගලයෙකු පතරොම් තුවක්කුවක් සමග හසලක පොලිස් නිළධාරින් විසින් ඊයේ (13) අත් අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට පත් පුද්ගලයා දුන්කොලවත්ත,හසලක ප්‍ර දේශයේ පදිංචිකරුවෙකි. ගාතනය කරන ලද මුවා ප්‍රවාහනය කිරිම සදහා යොදාගත් ත්‍රිරෝද රථයද පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙසේ වෙඩි තබා ගාතනය කර ඇත්තේ වයස අවුරුදු 1ත් 2ත් අතර ප්‍රමාණයේ මුව පැටවෙකු වන අතර අත් අඩංගුවට ගත් පතරොම් තුවක්කුව රුසියාවේ නිෂ්පාදිත එකක් වන අතර ලංකාවේදි එය වැඩිදියුණු කරන ලද එකකි. එම හේතුවෙන් මෙම තුවක්කුව මෙම පුද්ගලයා හට ලැබුනේ කෙසේද යන්න පිළිබද හසලක පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රුවන් කුමාරසේකර මහතා ප්‍රමුඛ නිළධාරින් පරික්ෂණ සිදු කරති.
අත් අඩගුවට ගත් පුද්ගලයා හා තුවක්කුව සමග ත්‍රිරෝද රථය මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණට වෙත ඉදිරිපත් කිරිමය නියමිතයි.
සහකාර පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක සේනාරත්න මහතා පො.කො. 46513 බස්නායක, 66385 තිළිණ, 35131 රත්නායක, 71705 වසන්ත යන පොලිස් නිළධාරින් සිද්ධිය සම්බන්දයෙන් පරික්ෂණ සිදු කරති.

No comments:

Post a Comment